Loading...
YouTube Monetization සක්‍රීය කර ගැනීම සඳහා අවශ්‍ය අවම සුදුසුකම් ලිහිල් කරයි

YouTube Partner Program හා සම්බන්ධ වීමට අවශ්‍ය සුදුසුකම් YouTube විසින් ලිහිල් කර තිබෙනවා. මෙලෙස ලිහිල් කර ඇති නව කොන්දේසිවලට අනුව YouTube Partner Program සමඟ join වීමට අවශ්‍ය‍ සුදුසුකම් පහත පරිදි වේ.

  • 500 subscribers
  • පසුගිය දවස් 90ක් ඇතුලත valid public uploads 3ක්
  • දවස් 365 ඇතුලත public watch hours 3000ක් හෝ පසුගිය දවස් 90 ඇතුලත public Shorts views මිලියන 3ක් සපුරාලිය යුතුය.
Source: indianexpress.com

ඉහත සඳහන් කළ සුදුසුකම් සපුරා ඇත්නම් එම channel එකට පහත සඳහන් මුදල් ඉපයීමේ අවස්ථා සඳහා ප්‍රවේශය හිමි වේ.

  • YouTube Shopping හරහා Product promotion කිරීම
  • super thanks, super chats, super stickers, සහ channel memberships තුළින් Fan funding කිරීම
  • Creator Support එක සඳහා ප්‍රවේශය ලැබීම

නමුත් මෙම නව සුදුසුකම් සඳහා early access ලෙස තවමත් අවස්ථාව ලබා දී ඇත්තේ United State, United Kingdom, Canada, Taiwan සහ South Korea යන රටවල් සඳහා පමණයි. නමුත් මෙම නව කොන්දේසි නුදුරේදී YouTube Partner Program පවතින අනෙකුත් රටවල් සඳහා ලබා දෙනු ඇත.


Source: indianexpress.com