මේ වන විට ශ්රී ලංකාවේ ජනප්රියතම Music Streaming Subscription සේවාවන් ලෙස Spotify සහ YouTube Music හඳුන්වා දෙන්න පුලුවන්. මේ YouTube Music සඳහා මේ වන විට වැඩි ජනප්රියත්වයක් හිමි වී ඇති බවත් කිව යුතුයි.
සෑම වසරකම අවසානයේ නිකුත් කරන Spotify Wrapped පිළිබඳව පසුගිය වර්ෂයන්වල අප කාගෙත් අවධානය හිමි වු බව අපත් සමඟ සිටින ඔබට මතක ඇති. කෙසේ වෙතත් තවමත් මේ වසරේ Spotify Wrapped නිකුත් වී නොමැති අතර ඉදිරි දින කිහිපය තුළ නිකුත් වේ යැයි බලාපොරොත්තු වන්න පුලුවන්.
YouTube Music විසින් Spotify Wrapped මෙන් ඔවුන් විසින් වර්ෂ අවසානයේ නිකුත් කරන YouTube Music Recap මීට දින කිහිපයකට පෙර නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් විසින් මේ වසරේදී Listening description, Listening timeline සහ Your music movie character ආදි නව පහසුකම් හඳුන්වා දී තිබෙනවා. මීට අමතරව සුපුරුදු පරිදිම ඔබේ Total listening minutes, Number of tracks played, Top artists සහ Musical moods ආදියත් ලබා ගත හැකියි
මෙවර YouTube Music Recap සඳහා සුදුසුකම් ලැබීමට නම් අවම ලෙස මේ වසර තුළ ඔබ පැය 10ක පමණ කාලයක් YouTube Music භාවිත කර තිබිය යුතුයි.
Source: blog.youtube