වසර අවසානයට පෙර සුපුරුදු පරිදිම, YouTube Music විසින් සිය පාරිභෝගිකයින්ගේ 2025 වසරේ සංගීත සවන්දීමේ පුරුදු සාරාංශ කරන '2025 Recap' විශේෂාංගය නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා. මෙවර Recapහි ඇති වඩාත්ම ආකර්ෂණීය අංගය වන්නේ AI මඟින් බලගැන්වෙන "Ask about your listening" යන නව විශේෂාංගයයි.
YouTube Music භාවිතා කරන්නන්ට දැනටමත් මෙම Recap වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව හිමිව තිබෙනවා. ඔබගේ Android හෝ iOS යෙදුමෙහි ඉහළ දකුණු කෙළවරේ ඇති Profile Avatar එක තට්ටු කර, “Your Recap” වෙත පිවිසීමෙන් මෙම වාර්තාව ලබා ගත හැකියි.
කෘත්‍රිම බුද්ධියෙන් බල ගැන්වෙන නවමු අත්දැකීම
මෙම වසරේ 2025 Recap හි ඇති සුවිශේෂීම සහ අලුත්ම අංගය වන්නේ, "Ask Music" විශේෂාංගය උපයෝගී කර ගනිමින් පරිශීලකයාගේ සවන්දීමේ ඉතිහාසය පිළිබඳව ප්‍රශ්න ඇසීමේ හැකියාවයි. මෙම AI Chatbot Interface හරහා පරිශීලකයාගේ YouTube History සහ සවන්දීමේ දත්ත විශ්ලේෂණය කරමින් පිළිතුරු ලබා දෙනවා.








පරිශීලකයා විසින් Chatbot අතුරු මුහුණත හරහා අසන ඕනෑම ප්‍රශ්නයකට ලැබෙන පිළිතුර, සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාගත හැකි වීම මෙහි ඇති තවත් ආකර්ෂණීය ලක්ෂණයක් ලෙස දැක්විය හැකියි.
YouTube Music විසින් මෙම මුල් නිකුතුව හරහා, Spotify වැනි ප්‍රතිවාදීන් සමඟ තරඟකාරීත්වය පවත්වා ගනිමින්, සරල දත්ත වාර්තාකරණයෙන් ඔබ්බට ගිය විනෝදාත්මක සහ බුද්ධිමත් AI අත්දැකීමක් සිය පාරිභෝගිකයින්ට ලබා දීමට උත්සාහ කරනු ලබනවා.
Source: music.youtube.com 9to5google.com








