YouTube Premium ඔස්සේ මුදල් ගෙවීමකින් ඔබට YouTubeවල ad-free අත්දැකීමක්, background play, offline downloads, සහ YouTube Music Premium ආදී සේවාවන් ලැබෙනවා. මේ නිසා දැන් බොහෝ දෙනා Premium මිලදී ගැනීමට පෙළඹී සිටිනවා.
YouTube Premium භාවිත කරන ඔබ සියලු දෙනාටම YouTube Premium හි මිල ඉහළ යන බවට අදාල දැනුම්වත් කිරීම ලැබී ඇති බව නිසකයි. ඒ අනුව එළඹෙන අගෝස්තු මාසයේ සිට ලෝකයේ සියළුම YouTube Premium පරිශීලකයන්ගේ subscription මිල ඉහළ යනු ඇත.


ඒ අනුව YouTube Individual Subscription එක රු. 629.00 මිලක සිට රු. 929.00 මිලක් දක්වාත්, YouTube Family Subscription එක රු. 1,119.00 මිලක සිට රු.1,719.00 මිලක් දක්වාත් සහ YouTube Student Subscription එක රු. 350.00 සිට රු. 555.00 මිලක් දක්වාත් ලෙස වැඩි වී තිබෙනවා.



මෙලෙස රුපියල් 200කින් පමණ මිල ඉහළ දැමීමට නිශ්චිත හේතුවක් ඔවුන් ප්‍රකාශ කර නොමැති අතර Netflix, Apple Tv සහ Spotify වැනි සේවාවල මෙලෙස මිල ඉහළ යාමක් පිළිබඳව නම් තවමත් වාර්තා වන්නේ නැත.