Loading...
YouTube Rewind 2020 edition එක අත්හිටුවීමට Google සමාගම තීරණය කරයි

දැනට අවුරැදු 10 පමණ පෙර YouTube විසින් වසර අවසානයේ දි විශේෂ Video එකක් නිකුත් කිරිමට කටයුතු කරනු ලැබුවා. මේ Video එක එම වසරේ ජනප්‍රියම වුණු Video Clips හා Trending Videos වලින් සමන්විත වුවා. YouTube විසින් මේ විශේෂ Video එක "YouTube Rewind" නමින් හදුන්වනවා. 2010 වසරේ ඇරඹුන මේ YouTube Rewind Special Video Series එක 2019 දක්වා ඉදිරිපත් කිරිමට ඔවුන් කටයුතු කරා. මේ වසරේදිත් බොහෝ දෙනා මේ YouTube Rewind 2020 Video එක බලාපොරොත්තු වි සිටිනවා.

නමුත් YouTube සමාගම විසින් ඔවුන්ගේ නිල Twitter ගිණුම මගින් දක්වා ඇත්තේ මේ වසර අවසානයේදී YouTube Rewind Video එකක් බලාපොරොත්තු නොවිය හැකි බවයි. ඔවුන් එම Twitter සටහනේ දක්වා තිබෙන්නේ “2020 has been different” හා “it doesn’t feel right to carry on as if it weren’t” ලෙසයි. මේ අනුව අපිට මේ වසර අවසානයේ දි Rewind Video එකක් බලාපොරොත්තු විමට හැකියාවක් නම් නැ.

මේ YouTube Rewind Videoවල පළමු Rewind Video එක 2010 දි ඉදිරිපත් කරා. ඒ වගේම මේ දක්වා සැම වසරක් අවසානයේදී ම ඔවුන් Rewind Video එකක් ඉදිරිපත් කරන්න කටයුතු කරා. 2016 දි නිකුත් කරපු Rewind Video එකට මිලියන 239ක Views ලැබි තිබුණා. නමුත් 2018 දි ඔවුන් ඉදිරිපත් කල Rewind Video එකට මිලියන 18ක පමණ Dislike ලැබි තිබුණා. කෙසේ වෙතත් මේ වසරේ YouTube Rewind Video එකක් නිකුත් නොවු පමණින් YouTube Rewind Videoවල අවසානය යැයි සිතිය නොහැකි වෙනවා. මේ වසර පුරාම CovID-19 වෛරස් රෝගයෙන් මුලු ලෝකය පිඩා විදිමින් සිටින නිසා Rewind Video එක ශෝඛාකුල Video එකක් විය හැකි නිසා මේ වසරේ Rewind Video එක තාවකාලිකව අතහැර දමා තිබෙනවා. කෙසේ වෙතත් ඉදිරි වසරවලදි අපිට යළිත් YouTube Rewind Video බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : Gizmochina