Loading...
Google සහ Microsoft සමඟ තරඟ කිරීමට Zoom ආයතනය විසින් email සහ calendar සේවා හඳුන්වාදීමට සූදානම් වන බව වාර්තා වේ

Zoom කියන්නේ CovID-19 වසංගත සමයත් සමග දුරස්ථ රාජකාරි කටයුතු හා අධ්‍යාපන කටයුතු සදහා ප්‍රධාන ලෙස යොදා ගැනුණු, මේ වන විට අතිශය ජනප්‍රියත්වය පත්වුණ App එකක් විදිහට හදුන්වන්න පුළුවන්. මේ වන විට Zoom සදහා ලොව පුරා මිලියන 500කට අධික Usersලා ප්‍රමාණයක් සිටිනවා.

ඒ වගේම මේ වන විට ⁣මොවුන් විසින් Videoconferencing සේවාවට අමතරව නව Email හා Calendar Service එකක් හදුන්වා දිමට බලාපොරොත්තුවෙන් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව මොවුන් දැනටමත් Email Service එක පිළිබඳ කටයුතු සිදු කරමින් සිටින අතර මේ Web Email Service එක 2021 වසර මුලදි දියත් කිරිමට සුදානමින් සිටින බව The Information වෙබ් අඩවියේ පල වූ වාර්තාවා දැක්වෙනවා. නමුත් Calendar App එක පිළිබඳව නම් තවම හරි තොරතුරක් පල වෙන්නෙ නෑ.

Zoom සඳහා මේ වන විට විශාල වශයෙන් වෙලඳ පල තරඟයක් ලබා දෙමින් videoconferencing සේවා සහ පහසුකම් සලසන අනෙකුත අනෙකුත් ආයතන ලෙස සිටින Google සමාගමේ Workspace සේවාව සහ Microsoft සමාගමේ Office 365 සේවා සමඟ email සහ calendar පහසුකම් සැපයීමත්, Zoom භාවිතා කරන්නන් වෙත එවැනි පහසුකමක් මේ වන විට නොමැති වීමත්, යන හේතූන් මත Zoom පරිශීලකයන්ට එම සේවාව සපයමින් තම තරඟකරුවන්ගේ වෙළඳපල කොටසෙන් තමන් වෙතට පරිශීලකයන් ඈඳාගැනීම මෙහි අරමුණ වන බව විෂ්ලේශකයන් විසින් ප්‍රකාශ කර සිටිනවා.

කෙසේ වෙතතත් Zoom සේවාව සපයන ආයතනය විසින් මේ පිළිබඳව අදහ්ස් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කර ඈති බවද වාර්තා වනවා.

Source : The Verge, The Information