Loading...
Free Video Calls සදහා යොදා ඇති මිනිත්තු 40ක සීමාව Thanksgiving day එක වෙනුවෙන් ඉවත් කරන බව Zoom සමාගම නිවේදනය කරයි

Zoom කියන්නේ CovID-19 වසංගත සමයත් සමග දුරස්ථ රාජකාරි කටයුතු හා අධ්‍යාපන කටයුතු සදහා ප්‍රධාන ලෙස යොදා ගැනුණු, අතිශය ජනප්‍රියත්වය පත්වුණ App එකක් විදිහට හදුන්වන්න පුළුවන්. මේ වන විට Zoom සදහා ලොව පුරා මිලියන 300කට අධික Usersලා ප්‍රමාණයක් සිටිනවා.

Thanksgiving Day එක වෙනුවෙන් ඔවුන්ගේ Free Video Calls සදහා යොදා ඇති මිනිත්තු 40ක සිමාව එදිනට ඉවත් කිරිමට කටයුතු කරන බව ඔවුන්ගේ Twitter සටහනකින් දක්වා තිබෙනවා. මේ අනුව නොවැම්බර් 27 වන දිනය පුරා කිසිදු සිමාවක් නොමැතිව Zoom Meeting පැවැත්විමට හැකි බව ඔවුන් දක්වා තිබෙනවා. එදිනට ලබා දෙන මේ මිනිත්තු 40 සිමාව ඉවත් කිරිම ලොව පුරා සිටින Zoom Usersලාට භාවිත කල හැකි වෙනවා. එනම් Zoom හි Free Plan එක භාවිත කරන Usersලාට එදිනට Time limit එකක රහිතව Zoom භාවිත කිරිමේ අවකාශය ලැබෙනවා.

Zoom හි Free plan එක භාවිත කරන Usersලාගේ Zoom meetingවල Duration එක මිනිත්තු 40කට සිමා වෙන අතර කොහොම නමුත් Zoom සේවාවේ free plan එක භාවිතා කරන්නන් හට තවමත් ඔවුන් සිදු කරනු ලබන Zoom meetings වල duration එක මිනිත්තු 40කට සීමා කර ඇති අතර Enterprise-grade Plans මගින් මේ මිනිත්තු 40 Limit එක ඉවත් කරගත හැකි වෙන අතරම Meeting එක සදහා සහභාගි කර ගත හැකි Participants සංඛ්‍යාවද වැඩි කර ගත හැකි වෙනවා.

Sources : Gadgets 360°