මේ වන විට ලොව පුරා ක්‍රිකට් රසිකයින්ගේ අවධානයට ලක් වී පවතින එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය එළඹෙන ඔක්තෝබර් මස 5 වන දින සිට ආරම්භ වීමට නියමිතයි. නොවැම්බර් මස 19 වන දින තෙක් පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් 10ක් සම්බන්ධ වීමට නියමිත වන අතර ඒ සඳහා කණ්ඩායම් 08ක් මේ වන විට සුදුසුකම් ලබා ඇති අතර අනෙක් කණ්ඩායම් දෙක සුදුසුකම් ලැබීමේ තරඟ හරහා තෝරාගනු ඇත.

මෙවර ලෝක කුසලාන තරඟාවලිය විශේෂ වන්නේ කුසලානයක් අභ්‍යාවකාෂය වෙත ගමන් කළ එකම තරගාවලිය බවට පත්වීමෙනි. පසුගියදා එය නිල වශයෙන් අභ්‍යාවකාශ ගත කළ අතර ඒ පිළිබඳව මාධ්‍යයන් ඔස්සේ ද වාර්තා කරනු ලැබුවා.
An out-of-this-world moment for the cricketing world as the #CWC23 trophy unveiled in space. Marks a milestone of being one of the first official sporting trophies to be sent to space. Indeed a galactic start for the ICC Men's Cricket World Cup Trophy Tour in India. @BCCI @ICC… pic.twitter.com/wNZU6ByRI5
— Jay Shah (@JayShah) June 26, 2023
මෙලෙස ලෝක කුසලානය නිකුත් කිරීම සම්බන්ධව ICCය නිකුත් කළ නිල YouTube වීඩියෝව පහත සඳහන් වේ.
2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන කුසලාන චාරිකාව දියත් කර ඇති අතර, ලොව පුරා සිටින රසිකයින්ට මෙම කුසලානය සමඟ විශේෂ මතකයක් ගොඩනගා ගැනීම සඳහා මෙම සිදුවීම ඉවහල් වනු ඇති බවට විචාරකයන් සඳහන් කරනු ලබයි.
මෙම සංචාරය දර්ශනීය ආකාරයෙන් දියත් කරන ලද අතර, ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන කුසලානය අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයට ගොඩබෑමට පෙර පෘථිවියේ සිට අඩි 120,000ක් ඉහළින් ඇති ආන්තික ගෝලයට දියත් කරන ලදී.
මෙය සාක්ෂාත් කරගනු ලැබුවේ කුසලානය නියමිත ආවර්ත ගෝලාකාර බැලූනයකට සවි කිරීමෙන් පසුව වන අතර මේ සඳහා 4K කැමරා ද අන්තර්ගත වේ. මෙම කුසලාන චාරිකාවේ 2023 සංස්කරණය ලොව පුරා විවිධ රටවල සහ නගරවල රසිකයින්ට අවස්ථාවක් ලබා දෙන විශාලතම සංචාරය වනු ඇත. ජූනි 27 වැනිදා ආරම්භ වන ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන කුසලාන චාරිකාව කුවේට්, බහරේන්, මැලේසියාව, ඇමරිකා එක්සත් ජනපදය, නයිජීරියාව, උගන්ඩාව, ප්‍රංශය, ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය සහ සත්කාරක රට ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් 18 ක සංචාරය කිරීමට නියමිතය.
මෙලෙස ඉතාමත් ආකර්ෂණීය අන්දමින් ආරම්භ වීමට නියමිත ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය හා සම්බන්ධ දැනුම යාවත්කාලීන කරගැනීම සඳහා අප සමග ඉදිරියටත් රැඳී සිටින්න.
Sources: thehindu.com icc-cricket.comCover Image Source: ICC