Loading...
Huawei NOVA 7 SE එකක් අළුතෙන්ම මිලදී ගන්නා ඔබට අවශ්‍ය කරන apps install කරගන්නා ආකාර 03

Huawei සමාගම විසින් මෑතකදී නිකුත් කල Kirin 820E 5G Chipset එකෙන් බලගැන්වෙන, 64MP AI quad camera systemඑකක් ඇති Huawei NOVA 7 SE ජංගම දුරකථනය හරහා ඔබට විශිෂ්ඨ අත්දැකීමක් ලබා ගැනීම සඳහා 40W HUAWEI Supercharge තාක්ෂණය ඔස්සේ බැට්‍රිය වේගයෙන් ආරෝපණය කර ගැනීමේ පහසුකම සලසා ඇත.

Google Mobile Services නොමැති වූවාට ඔබට අවශ්‍ය ඕනෑම Android app එකක් ඔබගේ Huawei ජංගම දුරකථනයට පහත ආකාරයන් තුන ඔස්සේ පහසුවෙන් install කරගත හැක.

01. HUAWEI AppGallery හරහා Apps install කිරීම

HUAWEI AppGallery මගින් Huawei apps update කිරීමටත් app install කිරීමටත් සහ පහසුවෙන් app manage කිරීමටත් හැකියාව ඇති අතර ප්‍රමුඛ පෙළේ apps වන PickMe, Viber සහ IMO වැනි app ඍජුවම download කරගැනිමේ පහසුකමද සපයා ඇත.

02. Petal Search Widget

Huawei App Gallery සතුව තවමත් ඇතැම් Mobile apps නොමැති අතර ඊට පිළියමක් ලෙස එලෙස search කරන app වලට අදාල APK වෙනත් මූලාශ්‍ර වලින් download කරගැනීම සඳහා පරිශීලකයන් යොමු කරන පහසුකමක් ලෙස Huawei Petal Search පහසුකම මූලිකව හඳුන්වාදෙනු ලැබුවා. Huawei App Gallery එක, Google Play Store සඳහා සාර්ථක විකල්පයක් වීමට මෙම Petal search පහසුකම මේ වනවිටත් බොහෝ ඉවහල් වී තිබෙනවා.

Petal search යනුවෙන් හැඳින්වෙන search engine එකේ සහය ඇතිව Aptoide, APKMonk සහ APKCenter වැනි තෙවන පාර්ශවීය app store හරහා ඔබට අවශ්‍ය කරන applications විශාල ප්‍රමාණයක් පහසුවෙන් ඔබගේ Huawei ජංගම දුරකතනයට install කරගත හැකිය.

Petal search ඔබගේ ජංගම දුරකතනයට install කර ගැනීම සදහා ඔබ කළ යුත්තේ AppGallery හරහා Petal search application එක download කර install කරගැනීමයි.

ඉන්පසු ඔබගේ home screen වෙත ගොස් pinch කර Petal Search widget එක home screen එකට add කරගැනීමෙන් පසුව ඉතා පහසුවෙන් Petal Search පහසුකම භාවිතා කල හැකිය.

දැන් ඔබට petal search widget හරහා ඔබට අවශ්‍ය apps update කරගත හැකි අතර මෙමඟින් ඔබට Facebook, WhatsApp සහ Messenger වැනි apps සහ ප්‍රමුඛ පෙළේ games ද පහසුවෙන් download කරගත හැක.

එමෙන්ම ඔබට apps update කරගැනීමේ හැකියාවද මෙහිදී ලබා දී ඇත. ඒ සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න.

03. Phone Clone

Phone Clone option එක භාවිතා කරමින් ඔබගේ පැරණි දුරකතනයේ සිට නව ජංගම දුරකතනය වෙත Apps, photos, message history සහ contacts පහසුවෙන් මාරු කළ හැකිය.

Huawei NOVA 7 SE ජංගම දුරකථනය Space Silver, Crush Green, සහMidsummer Purple යන වර්ණයන්ගෙන් ඔබට රුපියල් 64,999ක මුදලකට වෙලඳපලෙන් මිලදී ගැනීමට හැකියි.