Loading...
Galaxy Z Flip 3 සහ Fold 3 ඇතුළු තවත් Samsung දුරකතන මාදි​ලි 61ක් රුසියාවට ආනයනය කිරීම සහ අලෙවි කිරීම තහනම් කෙ​රේ

Samsung සමාගම විසින් පසුගිය සමයේ නිකුත් කරන ලද Foldable Devices මේ වෙන විට ලොව පුරාම අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් රුසියා​ව විසින් ඔවුන්ගේ මේ Foldable Devices ද ඇතුළුව Samsung Smart Phones 61ක් පමණ තහනම් කිරිමට එරට අධිකරණය විසින් නියෝග කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙලෙස Galaxy Z Flip 3 හා Galaxy Z Fold 3 ඇතුළු Smart Phones 61 ආනයනය හා විකිණිම නතර කරන ලෙස රුසියා​නු අධිකරණය විසින් නියෝග කර ඇත්තේ ඔවුන් විසින් ස්විට්සර්ලන්ත සමාගමක් වෙන SQWIN SA සතු Patent බලපත්‍ර උල්ලංඝනයක කිරිමක් හේතුවෙනුයි.

මේ සදහා හේතු වි ඇත්තේ Samsung සමගම විසින් හදුන්වා දි තිබෙන NFC Based Payment System එකක් වෙන Samsung Pay පහසුකමයි. SQWIN SA සමාගම විසින් Samsung සමාගමට විරුද්ධ​ව නඩු පවරා තිබෙන්නේ ඔවුන්ගේ මේ Samsung Pay පහසුකම තමන්ගේ Electronic Payment System එක මත පදනම් වු පහසුකමක් බවත්, ඔවුන් විසින් ඒ සදහා රුසියා​නු Patent බලපත්‍රයක් ලබා ගෙන ඇති බවත් දක්වමිනුයි.

ඒ අනුව මේ Electronic Payment System එකට සදහා අදාලව Victor Gulchenko නම් රුසියා​නු නව නිපයුම්කරුවෙකු විසින් 2013දි Patent බලපත්‍රය ලබා ගෙන ඇති අතර එය 2019 වසරේදි SQWIN SA සමාගමට ලබා දි තිබෙනවා. Samsung සමාගම විසින් Samsung Pay පහසුකම හදුන්වා දෙනු ලබන්නේ 2015 වසරේදි වෙනවා.

Samsung සමාගම විසින් මේ තින්දුවට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර එබැවින් එම Samsung Smart Phone 61 ආනයනය හා විකිණිමේ තහනම තවදුරටත් බලාත්මක විමක් සිදු නොවන අතර මේ සදහා මුහුණ දි ඇති Samsung Smart Phones සියල්ල Samsung Pay පහසුකම සහිත Samsung Smart Phone වෙනවා.

Source: Reuters, 91 Mobiles