Loading...
Qualcomm සමාගම විසින් නිපදවීමට සූදානම් වන Snapdragon 775 chipset එක පිළිබඳ තොරතුරු වාර්තා වේ

මේ වන විට වෙළදපොල මෙන්ම භාවිත කරන්නන් අතර ද ජනප්‍රියතම Smart Phone Chipset එක ලෙස Qualcomm Snapdragon Chipset පෙළ හදුන්වා දෙන්න පුළුවන්. ඔවුන්ගේ Snapdragon 888 5G chipset එක Smartphones Industry එක තුල විශාල පෙරලියක් මේ වන විටත් සිදු කරමින් සිටිනවා.

Mid-Range Smart Phones අතර ජනප්‍රිය Snapdragon Chipset වෙන Snapdragon 765 හා 765G මගින් Flagship Experience එකක් Mid-Range Devices සදහාත් ලබා ⁣දිමට මේ වන විට හැකිවි තිබෙනවා. මේ Mid-Range Snapdragon Chipset පෙලේ මිලග Mid-Range Chipset එක ලෙස Qualcomm Snapdragon 775 Chipset එක නිකුත් කිරිමට Qualcomm සමාගම විසින් සුදානමින් සිටිනවා.

XiaomiUI නම් Telegram Channel එකක් මගින් පල කරන ලද Qualcomm Document එකකට අනුව Qualcomm සමාගම විසින් මේ වන විට SM7350 නම් Snapdragon 775 Chipset එක නිකුත් කිරිම පිළිබඳව කටයුතු සිදු කරමින් පසුවන බව කියන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ Snapdragon 765 Chipset එක සමග මෙය සැසදිමේදි High Level Features බලාපොරොත්තු විය හැකි වෙනවා.

මේ Snapdragon 775 Chipset එක 5nm Chipset එකක් විදිහට නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේ සමග නව Kryo 6-series CPU Core Setup එකත් ඇතුලත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ SoC එක LPDDR5 RAM @ 3200 MHz හෝ LPDDR4X RAM @ 2400 MHz RAM සදහා සහය දක්වන අතරම එය UFS 3.1 Storage සදහාත් සහය දක්වනු ලබනවා. මෙහි තිබෙන Spectra 570 ISP එක මගින් එක වර 28MP වු Camera තුනක් දක්වා සහය දැක්විය හැකි වෙනවා. Video Recoding සදහා නම් එය 4K 60fps දක්වා සහය දක්වනු ලබනවා.

මීට අමතරව LTE Cat 18 හා mmWave 5 Alongside VoNR, NR CA, SA හා NSA Support කරන අතරම Wi-Fi 6E with 2x2 MIMO හා Bluetooth 5.2 පහසුකමුත් මේ මගින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මෙය WCD9380 හා WCD9385 Audio Chips සදහාත් සහය දක්වනු ඇත.

කෙසේ වෙතත් තවමත් Qualcomm සමාගම මගින් මේ Snapdragon 775 Chipset එක පිළිබඳව නිල වශයෙන් තොරතුරු නිකුත් කර නොමැති අතර එය ඉදිරියේදි නිල වශයෙන්ම තහවුරු වෙනු ඇත. බොහෝ දුරට මේ වසරේ Mid-Premium Category එකේ Smartphones සදහා මේ මගින් බලගැන්විම හිමි වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. බොහෝ විට මේ Chipset එක සහිතව වෙළදපොලට නිකුත් වෙන පළමු Smart Phone එක Xiaomi Mi 11 Lite 5G Device එක විය හැකි වෙනවා.

Source : Xda Developers, Gsm Arena