Loading...
අනාගතයේ එන අලුත්ම Google Debit Card

පසුගිය වසරේ දියත් කළ පුදුම සහගත “තාක්‍ෂණික” නිෂ්පාදනවලින් එකක් වූයේ ඇපල් කාඩ්පතයි. සමාගම එය වඩාත් බුද්ධිමත් යෙදුමක(intuitive app) ආධාරයෙන් වඩා හොඳ මූල්‍ය තීරණ ගැනීමට ඇපල් පාරිභෝගිකයින්ට උපකාර කිරීමේ මාර්ගයක් ලෙස එය තෝරා ගත්තා. ඇපල් කාඩ්පතට සිත්ගන්නාසුලු අදහස් කිහිපයක් තියෙනවා, නමුත් එය මූලික වශයෙන් මුදල් ආපසු ලබා දෙන ණය පතක්(cash-back credit card) විතරයි. ඒ අනුව නවතම වාර්තා හා image leaks වලට අනුව google ආයතනය විසින් apple card හා සමාන නව card පතක් “Google card” නමින් develop කරනවා කියලා අනාවරණය වෙලා තියෙනවා.

මේ වාර්තාව එලියට එන්නේ TechCrunch කියන වෙබ් අඩවිය හරහායි. ඔවුන් google card පත “Smart Debit Card”ලෙස හඳුන්වනවා. ගොඩක් concepts, Apple Card පතට සමාන උනත් Google Card කියන්නෙ හර පතක් (Debit Card). එය අපි Google Pay වෙත ඇතුලත් කල අනෙකුත් ඕනෑම කාඩ් පත් වගේම Google Pay හි අථත්‍ය(virtual) කාඩ්පතක් ලෙසද පවතින භෞතික(physical) කාඩ්පතකි.

ඕනෑම Debit Card එකක් මෙන්  google card පත පිරික්සුම් ගිණුමක් හා බැඳී පවතී. ඒ සඳහා නව Google යෙදුමක් යොදා ගනී. එමගින් පරිශීලකයන හට තම ශේෂය පරීක්ෂා කිරීමට, මිලදී ගැනීම් නිරීක්ෂණය කිරීමට, මුදල් එකතු කිරීමට, එය අගුළු දැමීමට සහ වෙනත් විශේෂාංග වලට මෙම ගිණුමට පිවිසිය හැකිය. මෙම Google කාඩ්පත “CITI and Stanford Federal Credit Union” වැනි බැංකු හවුල්කරුවන් සමඟ co-branded කරනු ඇත. Leaked images මගින් අපට තවත් විස්තර කිහිපයක් ලබා ගත හැක.

හවුල්කාර බැංකුවේ සහ ගූගල් හි ලාංඡනය සමඟ භෞතික කාඩ්පත සුදු පැහැයෙන් දැකගන්න පුළුවන්. එය වීසා(visa) ජාලයේ චිප්(chip) කාඩ්පතක් බව අපට දැකගන්නට පුළුවන්, නමුත් එයට වෙනත් ජාල ඇතුළත් විය හැකිය. කාඩ්පත් නිර්මාණය (මෙය අවසාන නිර්මාණය නොවිය හැක) අමුතු නිල් සහ කොළ තිත් රටාවක් ද පෙන්වයි. කොහොම උනත්, ප්ලාස්ටික් වලට වඩා වැදගත් වන්නේ මෙහි යෙදුම් අත්දැකීමයි(app experience), එය වෙනත් Debit Card වලට වඩා Google card පත සැබවින්ම වෙනස් එකක් කළ යුතුය.

මෙම app එක මගින් ගනුදෙනු වලදී වෙළෙන්දා සහ දිනය වැනි විස්තර සමඟ මෑත කාලීන ගනුදෙනු අපිට බලාගන්න පුළුවන්. මෙය ගූගල් හරහා සිදුවන බැවින්,තවත් තොරතුරු රාශියක් ද ඇත. එමගින් මිලදී ගැනීමකදී මිලදී ගැනීමේ ස්ථානය පවා map එකක් හරහා අපට බලාගන්න පුළුවන්. ඒ වගේම කාඩ් පත නැතිවුවහොත් හෝ අවබවිත වන බව සල වුවොත් පරිශීලකයාට app එක හරහා වහාම කාඩ්පත අගුළු දමා(lock) නැවත ප්‍රතිස්ථාපනය කිරීමට(replace new card) ඇණවුම් කළ හැකිය.

App settings තුල notification options and privacy controls අපට දැකගත හැක. එමගින් පරිශීලකයින්ට බෙදා ගැනීමට අවශ්‍ය තොරතුරු තීරණය කිරීමට ඔවුන්ට හැකි වේ. පුද්ගලිකත්වය පැහැදිලිවම google card පත වටා විශාල මාතෘකාවක් වනු ඇත. මිනිසුන්ට apple කෙරෙහි ඇති තරම් google කෙරෙහි විශ්වාසයක් නැත. අපගෙන් බොහෝ දෙනෙක් දැනටමත් අපගේ පුද්ගලික තොරතුරු විශාල ප්‍රමාණයක් අප නොදැනුවත්වම google වෙත ලබා දී ඇත, නමුත් පුද්ගලික මූල්‍යය පිලිබඳ තොරතුරු වෙනත් පාර්ශවයකට ලැබුනොත් එය එතරම් හොඳ දෙයක් නම් නෙමෙයි.

Google සහ Apple වැනි තාක්ෂණික සමාගම්,අපිට භාවිතා කිරීමට සහ තේරුම් ගැනීමට පහසු මෘදුකාංග සෑදීම සඳහා වඩාත් යෝග්‍ය ආයතනයන් කියලා කවුරුත් දන්නවනේ. ඒක Apple කාඩ්පතක් හෝ Google කාඩ්පතක් සඳහා ලියාපදිංචි වීමට ආකර්ෂණයක් කියලා තමා කියන්නේ. Google කාඩ්පත යථාර්ථයක් වනු ඇතැයි අපේක්ෂා කරන්නේ කවදද කියලා නම් තාම සඳහනක් වෙන්නේ නෑ.