Loading...
Apple සමාගම විසින් එතෙක් මෙතෙක් නිකුත් කල බලයෙන් වැඩිම පරිගණක චිප්සෙට් එක ලෙසින් M1 Ultra chipset එක එලිදැක්වීමට කටයුතු කර​යි

Apple සමාගම විසින් මීට මාස කිහිපයකට පෙර නව MacBook Pro මාදිලියේ notebooks මාදිලි දෙකක් සමඟින් M1 Pro සහ M1 Max නමින් නව chipset ද්විත්වයක් හදුන්වාදෙනු ලැබුවා. එම එලිදැක්වීමෙ අනතුරුව Apple සමාගම විසින් මෙවර පැවති Peek Performance event එක හරහා M1 Ultra නමින් නව chip එකක් හදුන්වා දෙනු ලැබුවා. මුලදී හදුන්වා දෙනු ලැබූ M1 chipset වලට වඩා මෙය බලවත් වන අතර Mac Studio නම් වන Apple සමාගමේ නව පරිගණකය බල ගැන්වෙන්නේ මේ chipset එක හරහාය. (Mac Studio පිළිබඳ ලිපිය මේ ලිපියට පසුව බලාපොරොත්තු වන්න)

Apple සමාගම විසින් මෙම එලිදැක්වීමේදී සඳහන් කල ආකාරයට මෙම නව M1 Ultra chipset එක නිපදවීම සඳහා ඔවුන් විසින් UltraFusion architecture නම් වන Apple සමාගමේම නව තාක්ෂණයක් භාවිතා කර ඇති අතර ඒ හරහා ඔවුන්ට පහසුවෙන්ම M1 Max මාදිලියේ chipset දෙකක් එක chipset එකක් බවට පත් කරගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. එමෙන්ම මේ හරහා M1 Max chipset දෙකක් එකට එකතු කිරීම මඟින් ගිගාබයිට් 8ක unified memory එකක්ද M1 Ultra chipset එක සඳහා හිමිවනවා.

මේ M1 Ultra chipset එක ට්‍රාන්සිස්ටර්ස් බිලියන 114කින් සමන්විත වන අතර තප්පරයට ගිගාබයිට් 800ක memory bandwidth එකකින්ද, තප්පරයට ටෙරාබයිට් 2.5ක inter processor bandwidth එකකින්ද සමන්විත වනවා.

Cores 20කින් සමන්විත මේ චිප්සෙට් එකේ high-performance cores 16ක්ද, high-efficiency cores 4ක්ද සමන්විත වනවා. M1 Ultra සතුව cores 32කින් යුතු Neural engine එකක් මෙන්ම cores 64කින් යුතු GPU එකකින් සමන්විත වනවා. මෙය M1 chipset එක හා සසදා බැලීමේදී M1 chipset එක මෙන් 8 ගුණයක් වේගවත් GPU performance එකක් ලබාදෙනු ලබනවා.

මෙම නව චිප්සෙට් එක hardware-accelerated H.264 HEVC, ProRes සහ ProRes RAW සඳහා සහය දක්වනු ලබනවා. මේ සියල්ලම හැසිරවීම සඳහා මේ චිප්සෙට් එක video decode engine දෙකක්, video encode engine හතරක්, වෙනම පවතින ProRes encode/decode හතරක් යන දෑවලින් බලගැන්වෙනවා.

මීට පෙර නිකුත් වූ M1 chipset මෙන්ම M1 Ultra chipset එකද අඩු වොට් සංඛ්‍යාවක් යටතේ වැඩි බලයක් ලබා දිය හැකි චිප්සෙට් එකක් වනවා මෙන්ම වොට් 100 කට අඩු බලයක් භාවිතා කරමින් මෙම චිප්සෙට් ඉතාමත් හොදින් තම performances දැක්වීමට සමත් වනවා.

මීට පෙර සඳහන් කල ආකාරයට M1 Ultra chipset එක Apple සමාගමේ නවතම පරිගණකය ලෙස එලිදැක්වූ Mac Studio නම් Mac පරිගණකය බල ගන්වනු ලබනවා. Apple සමාගම විසින් අද දිනයේදී එලිදැක්වූ Mac Studio පරිගණකය, Apple Studio Display සහ M1 iPad Air එක පිළිබඳව තොරතුරුද හැකි ඉක්මනින් ඔබවෙත ගෙන එන්නම්.

Source: Peek Performance event