Loading...
Siri 2.0 සමඟින් දැවැන්ත AI පරිවර්තනයක් ආරම්භ කිරීමට Apple සමාගම සූදානම්

Apple සමාගම ඔවුන්ගේ Intelligent Virtual Assistant වන Siri සම්පූර්ණයෙන්ම අලුත් කරමින් 'Siri 2.0' නිකුත් කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා. ඒ ඉදිරි නිකුත් වීමට නියමිත iOS 26.4 යාවත්කාලීන කිරීමත් සමඟ නිකුත් වනු ඇතැයි බලාපොරොත්තු වනවා.

මෙවර ඇති විශේෂත්වය වන්නේ මීට පෙර නිල වශයෙන් නිවේදනය කළ පරිදි Google Gemini තාක්ෂණය සහ Google Cloud මත පදනම්ව මේ Siri 2.0 බලගැන්වීමයි.

Siri 2.0 හි බලාපොරොත්තු විය හැකි වෙනස්කම්;

මෙම යාවත්කාලීන කිරීම Siri ඉතිහාසයේ සිදු වන විශාලතම පෙරළිය ලෙස සැලකෙනවා. ඒ අනුව ඔබගේ email, Calendar සහ Notifications වඩාත් හොඳින් තේරුම් ගෙන "ඔබගේ සංකීර්ණ ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු දීමට Siri සමත් වනු ඇති අතර පෙර පැවති සංවාද මතක තබා ගැනීමේ හැකියාව සහ ඔබ සිටින ස්ථානය අනුව Siriට ක්‍රියා කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවත් වාර්තා වනවා. එමෙන්ම දුරකථනයේ ඇති විවිධ Apps එකිනෙක සම්බන්ධ කරමින් කාර්යයන් ඉටු කිරීමේ හැකියාව (App Actions) මෙහිදී වඩාත් දියුණු කරනු ඇති බවත් වාර්තා වනවා.


iOS 26.4 සමඟ Siri 2.0 ආරම්භ වුවද සියලුම AI විශේෂාංග එකවර නොලැබෙන බව වාර්තා වනවා. මෙහිදී මුලින්ම මුලික විශේෂාංග සහ Gemini මත පදනම් වූ Siri 2.0 ද ජුනි මාසයේදී පමණ සංවාද මතක තබා ගැනීම සහ ස්වයංක්‍රීයව යෝජනා ඉදිරිපත් කිරීම වැනි වඩාත් දියුණු විශේෂාංග ද, iOS 27 සමඟින් Health focused AI agent එකක් සහ සම්පූර්ණයෙන්ම අලුත් වූ Siri Personality එකක් ඇතුළු තවත් දැවැන්ත AI විශේෂාංග රාශියක් 2027 වසරේදී බලාපොරොත්තු විය හැකි වනවා.

Apple සහ Google හවුල්කාරිත්වයේ වැදගත්කම;

දැන් Apple සමාගම Google Gemini සමග එක් වීම Apple හි මූලික AI ආකෘති (Foundation Models) සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට හේතු වී ඇති අතර iPhone, iPad සහ Mac භාවිතා කරන්නන්ට මෙතෙක් නොතිබූ අතිශය බුද්ධිමත් සහ ප්‍රායෝගික AI අත්දැකීමක් ලබා දීමට Apple සමාගමට හැකි වනු ඇතැයි වාර්තා වනවා.

Source: 9to5mac.com