තාක්ෂණික ලෝකයේ දැවැන්තයා වන Apple සමාගම එළඹෙන මාර්තු 4 වනදාට "Special Experience" නමින් සුවිශේෂී Event පවත්වන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. මෙම වසරේ Apple සමාගම විසින් පවත්වනු ලබන දෙවන ප්‍රධාන Event එක මෙය වන අතර, මෙහිදී නව iPhone එකක් සහ Mac උපාංග රැසක් එළිදක්වනු ඇතැයි තොරතුරු වාර්තා වනවා.
එමෙන්ම මාර්තු මස මුල් දින කිහිපය තුළදී මෙම නව නිෂ්පාදන නිල වශයෙන් වෙබ් අඩවිය හරහා ප්‍රකාශයට පත් කර මාර්තු 4 වනදා Event එකේදී මෙම උපාංගයන් Experience කර බැලීමේ අවස්ථාව (Hands-on session) ලබා දීමට Apple සමාගම සැලසුම් කර ඇති බවත් වාර්තා වනවා.

ඒ අනුව Budget iPhone එකක් ලෙසින් iPhone 17e මාදිලියත්, A18 chip එකෙන් සමන්විත නව iPad මාදිලීත් සහ A18 Pro iPhone chipset එකෙන් බලගැන්වෙන නවතම MacBook මාදිලියකුත් මෙහිදී එළිදැක්වීමට නියමිත වනවා. Apple සමාගම විසින් හදුන්වාදීමට නියමිත මේ Budget Devices කිහිපය පිළිබදව මීට පෙර අප ගෙන ආ ලිපිය මෙන්න.

ඇයි මෙය "Experience Event" එකක් ලෙස හඳුන්වන්නේ?
Apple සමාගම මෑතක සිට ඔවුන්ගේ Event, Event එකක් ලෙස හඳුන්වනවා වෙනුවට "Experience" එකක් ලෙස හැඳින්වීමට නැඹුරු වී තිබෙනවා. මෙහිදී සිදු වන්නේ හුදෙක් නිෂ්පාදන එළිදැක්වීම පමණක් නොව, Event එකට සහභාගීවන පුද්ගලයින්ට එම උපාංග Experience කර බැලීමට වැඩි ඉඩක් ලබා දීමයි. මෙම Event එක සජීවීව විකාශය කිරීම පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති වනවා.
Source: www.bgr.com www.theverge.com








