පළමු වරට Apple නිෂ්පාදන නිල වශයෙන් අන්තර්ජාලය හරහා මිලදි ගැනිමට සැප්තැම්බර් 23 වනදා සිට ඉන්දියානු පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවෙනවා.
මේ පිළිබඳව Apple සමාගමේ නිල වෙබ් අඩවියේ ද දක්වා ඇති අතර Apple සමාගමේ CEO Tim Cook විසින් ඔහුගේ නිල Twitter ගිණුමේ ද මේ බව සදහන් කර තිබෙනවා.
We know how important it is for our customers to stay in touch with those they love and the world around them. We can’t wait to connect with our customers and expand support in India with the Apple Store online on September 23! ??https://t.co/UjR31jzEaY
— Tim Cook (@tim_cook) September 18, 2020
Apple සමාගම පවසන්නේ Indian Online Apple Store එක මගින් Apple සමාගමේ සම්පූර්ණ නිෂ්පාදන මෙන්ම ඒ නිෂ්පාදන සදහා අවශ්‍ය සහයත් ලබා දෙන්න බලාපොරොත්තු වෙන බවයි. ඒ වගේම පසුගිය දිනක හදුන්වා දුන් Apple Watch Series 6 & Watch SE , New Ipad Air හා 8th-Gen Ipad වගේම පසුගිය Product මේ Online Store එක හරහා මිලදි ගැනිමේ හැකියාව පවතිනවා.
මේ සමග Apple සමාගමේ ඉන්දියානු වෙළදපොල පුළුුල් විමක් සිදු වන අතර පසුගිය වසරවලදි සමහර Apple Devices ඉන්දියාව තුල නිපදවු අතර මේ වසර මුලදි ඔවුන් ඉන්දියාව තුල Iphone 11 හා Iphone SE2 නිෂ්පාදනයත් ආරම්භ කරනු ලැබුවා. ඒ වගේම ඔබට මතක ඇති අපි Iphone 12 එකත් ඉන්දියාවේ නිෂ්පාදනය කරන්න සුදානම් වෙන බවට ලිපියක් ගෙන ආවා.