Loading...
වැඩිහිටි අන්තර්ගතයන් සඳහා වන වෙබ් අඩවි සඳහා On-Device Age Verification හඳුන්වා දෙන මෙන් තාක්ෂණික දැවැන්තයින්ට Aylo සමාගම නිළ වශයෙන් දන්වයි

වැඩිහිටි අන්තර්ගතයන් සඳහා වන ප්‍රධානතම වෙබ් අඩවියක් වන Pornhub හි මව් සමාගම වන Aylo සමාගම විසින් Google, Apple සහ Microsoft ඇතුළු ප්‍රධානතම තාක්ෂණික දැවැන්තයින්ගෙන්, උපාංගය තුළ පදනම් වූ වයස් සත්‍යාපන ක්‍රමවේදයක් (On-Device Age Verification) හඳුන්වා දෙන ලෙස නිළ වශයෙන් දන්වා තිබෙනවා.

මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ, එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ පැනවූ නව නීති හේතුවෙන් 'Site-Based' වයස් සත්‍යාපන ක්‍රමවේද අසාර්ථක වී ඇති බවත්, එය පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වයට තර්ජනයක් වන බවත් Pornhub පෙන්වා දීම හේතුවෙනි.

Pornhub හි ප්‍රධාන නීති නිලධාරී Anthony Penhale මහතා අවධාරණය කර ඇති ආකාරයට, වත්මන් නීති යටතේ ක්‍රියාත්මක වන වෙබ් අඩවි පාදක වයස් සත්‍යාපන ක්‍රමවේද "මූලික වශයෙන් දෝෂ සහිත සහ අහිතකර" බවයි. ඒ මේ ක්‍රමය යටතේ, සෑම වෙබ් අඩවියකටම වෙන වෙනම ID කාඩ්පත් ඡායාරූප වැනි සංවේදී පුද්ගලික තොරතුරු තෙවන පාර්ශවීය ආයතන හරහා උඩුගත කිරීමට සිදුවීම නිසයි. Aylo පෙන්වා දෙන්නේ, මෙමගින් පරිශීලක දත්ත විශාල වශයෙන් කාන්දු වීමේ අවදානමක් ඇති කරන බවයි.

මෙම නීති හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණ වූයේ බාලවයස්කරුවන් වැඩිහිටි අන්තර්ගතයන් වෙත ප්‍රවේශ වීම වැළැක්වීම වුවද, එම අරමුණ ඉටු වී නොමැති බව Pornhub ප්‍රකාශ කරනවා. ඒ වයස් සත්‍යාපන නීති දැඩිව ක්‍රියාත්මක වූ එක්සත් රාජධානියේ සහ ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තය වැනි ප්‍රදේශවල Pornhub හි වෙබ් Traffic එක 80% කින් පමණ පහත වැටී ඇති පසුබිම හරහායි.

Pornhub වෙතින් යෝජනා කරන විසඳුම වන්නේ, වෙබ් අඩවි මට්ටමේ පරීක්ෂාව වෙනුවට, ප්‍රධාන තාක්ෂණික සමාගම් විසින් මෙහෙයුම් පද්ධති සහ උපාංග මට්ටමෙන් වයස තහවුරු කිරීමක් සිදු කරන ලෙසයි. ඒ අනුව දුරකථන, ටැබ්ලට් හෝ පරිගණක වැනි උපාංගයකදී එක් වරක් පරිශීලකයාගේ වයස තහවුරු කළ යුතු අතර ඉන්පසු උපාංගයේ මෙහෙයුම් පද්ධතිය මඟින් API හරහා වෙබ් අඩවි වෙත 'වයස තහවුරු කර ඇති' සංඥාවක් පමණක් යැවිය හැකි බවයි.

මෙමඟින් සංවේදී තොරතුරු නැවත නැවතත් වෙබ් අඩවිවල උඩුගත කිරීමේ අවදානම ඉවත් වන අතර, බාලවයස්කරුවන් අන්තර්ගතයට පිවිසීම වැළැක්වීමට තනි, ස්ථාවර ප්‍රමිතියක් ඇති වනු ඇතැයි Pornhub ප්‍රකාශ කරනවා.

Apple සහ Google යන සමාගම් දෙකම දැනටමත් ඩිජිටල් හැඳුනුම්පත් සඳහා සහය දක්වන අතර, වයස් සත්‍යාපන ක්‍රමවේද සංවර්ධනය කරමින් සිටියද, Pornhub හි මෙම යෝජනාවට Apple සහ Microsoft විසින් තවමත් නිසි ප්‍රතිචාරයක් ලබා දී නොමැති වනවා.

Source: gizmodo.com www.wired.com