Loading...
Black Shark 5 දුරකතන මාලාව එලිදක්වන දිනය තහවුරු කරයි; Black Shark 5 RS සහ 5 Pro යනුවෙන් තවත් මාදිලි දෙකක් එලිදැක්වෙන ලකු​ණු

Xiaomi සමාගම විසින් නිකුත් කරන Gaming Smart Phone Series එක ලෙස Black Shark Gaming Smart Phones මේ වෙන විට ලොව Mobile Gamerලා අතර ඉතා ජනප්‍රියත්වයට පත් වි තිබෙනවා. ඒ අතර ඔවුන් විසින් පසුගිය වසර නිකුත් කල Black Shark 4 Series එක එළිදක්වා මිනිත්තු 05ක් වැනි කෙටි කාලයක් තුල ඩොලර් මිලියන 30ක අලෙවියක් වාර්තා කිරීමට සමත් විම කැපි පෙනුනා.‌              

මේ වසරේදීත් Xiaomi සමාගම විසින් ඔවුන්ගේ මේ Black Shark Gaming Smart Phone Series එකේ නවතම Black Shark 5 Series එක එළිදැක්විමට සුදානමින් සිටින බව මේ වෙන විට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මේ මස 30 ( මාර්තු ) වෙනි දින ⁣Black Shark 5 Gaming Smart Phone Series එක එළිදැක්විමට නියමිතව තිබෙනවා.

Black Shark 5 Series එක යටතේ Black Shark 5 RS හා Black Shark 5 Pro ලෙස Devices දෙකක් නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි අතර මින් Black Shark 5 Pro Device එක අගල් 6.67ක AMOLED FHD+ Display එකක් සහිත වෙන අතර එය 3 GHz octa-core processor එකකින් බලගැන්වෙනු ලබනවා. මෙය 16GB RAM එකකින් හා 512GB Internal Storage එකකින් සමන්විත වෙනවා. මෙහි Battery Capacity එක ලෙස සදහන් වෙන්නේ 4,650mAh ප්‍රමාණයකුයි. ඒ වගේම මෙය 120W Fast Charging සදහාත් සහය දක්වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Black Shark 5 Device එකත් අගල් අගල් 6.67ක AMOLED FHD+ Display එකක් සහිත වෙන අතර එය 3.2 GHz octa-core processor එකකින් බලගැන්වෙනු ලබනවා. මෙය 12GB RAM එකකින් හා 512GB Internal Storage එකකින් සමන්විත වෙනවා.

ඒ වගේම මේ Black Shark 5 Gaming Smart Phone Series එකම ultra-high frame rate modes සදහා සහය දක්වනු ලබන අතර Qualcomm Flagship Chipsetවලින් සමන්විත වෙනු ඇතැයි ද බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ අනුව Black Shark 5 Pro Device එක Qualcomm Snapdragon 8 Gen 1 chipset එකෙනුත් Black Shark 5 RS Model එක Qualcomm Snapdragon 8-series Chipset එකකිනුත් සමන්විත වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source: Gizmochina