Loading...
Black Shark 4 එලි දැක්වීමෙන් මිනිත්තු 5 කින් ඩොලර් මිලියන 30 ක අලෙවියක් වාර්තා කරයි

Black Shark 4 දුරකථන මාලාව පසුගිය මාර්තු 23 වන දින එලිදැක්වුනා. මෙම Series එක ගැන කෙටියෙන් කිවහොත් Black Shark 4 Series එක කියන්නෙ දුරකථන දෙකකින් සමන්විත වන Series එකක්. එනම් Black Shark 4 සහ Black Shark 4 Pro ලෙසින්. මෙහි Black Shark 4 දුරකථනය Qualcomm Snapdragon 870 SoC එකකින් සහ Black Shark 4 Pro දුරකථනය Qualcomm Snapdragon 888 SoC එකකින් සමන්විත වන අතර මීට අමතරව මෙහි 144Hz refresh rate එකක් තියෙන Super AMOLED display එකක් ආදී විශේෂාංග ගණනාවකින් සමන්විත වන මේ දුරකථනයේ මිල ආසන්න වශයෙන් $382 කින් වගේ ආරම්භ වී storage හා RAM අනුව මිල වැඩිවනවා.

ඒ පිළිබද අප විසින් ගෙන ආ විස්තරාත්මක ලිපිය මෙතැනින් කියවන්න.

දැන් යමු අප අද විග්‍රහ කරන්නට යන පුවත වෙත. එනම්, මෙම Black Shark 4 දුරකථන මාලාව එලිදක්වා මිනිත්තු  5 කින් Yuan මිලියන 200 ක එනම් ඩොලර් මිලියන 30 විකුණුම් ප්‍රමාණයක් සිදුවී තිබෙනවා. මොවුන් මෙම පුවත පිළිබදව ඔවුන්ගේ weibo ගිණුම තුළ පළකර තිබුනේ මෙම ජයග්‍රහණයට Black Shark රසිකයන්ට ස්තූතියකුත් එක්කරමිනි.එම Post එක පහතින් දැක්වේ.

微博
随时随地发现新鲜事!微博带你欣赏世界上每一个精彩瞬间,了解每一个幕后故事。分享你想表达的,让全世界都能听到你的心声!

මෙම Black Shark 4 Series එකෙහි අලෙවිය ඉතා සාර්ථක බවට මෙය හොද සාක්ෂියකි.

Source: GizmoChina