Loading...
තවම​ත් මියගොස් නැතැයි දන්වමින් තම ප්‍රථම 5G ජංගම දුරකතන සමඟින් Blackberry මේ වසරේදී ය​ලි කරලියට පැමිණෙන බව නිල වශයෙන් දැනුම් ​දේ

ඔබට මතක ඇති පසුගිය ජනවාරි 04 වෙනි දින සිට සියළුම BlackBerry Classic Smart Phones සදහා වන සහය නවතා දමන බව BlackBerry සමාගම විසින් ප්‍රකාශ කරනු ලැබු බව. කෙසේ වෙතත් මේත් සමග BlackBerry Brand එකේ අවසානය වෙනු ඇතැයි ඔබ සිතා සිටිනවා නම් BlackBerry සන්නාමය යටතේ 5G Mobile Phone එකක් මේ වසරේදී නිකුත් විමට නියමිතව පවතිනවා.

Onward Mobility සමාගම හා අනුබද්ධව පසුගිය වසරේදි Physical Keyboard එකක් සහිත 5G BlackBerry Branded Phone එකක් නිකුත් කිරිමට සුදානම් බව අපි ඔබ වෙත පසුගිය වසරේදි ගෙන ආවා. කෙසේ වෙතත් ඔවුන් පැවසු පරිදි 2021 වසරෙදී BlackBerry Branded 5G Phone එක එළිදැක්වීමට නොහැකි වු අතර ඒ පිළිබඳ පසුගිය දිනක Onward Mobility සමාගම විසින් ඔවුන්ගේ නිල Blog අඩවිය හරහා වැඩි විස්තර පළ කර තිබෙනවා.

ඔවුන් දක්වා ඇති අන්දමට මේ වසරේදි “ultra-secure 5G enterprise smartphone” එකක් BlackBerry Brand එක යටතේ Onward Mobility සමාගම විසින් නිකුත් කිරිමට සුදානමින් සිටින අතර මෙය Physical Keyboard එකකින්ද සමන්විත වෙනවා.

මේ Phone එක පිළිබඳ වෙනත් නිල තොරතුරු කිසිවක් දැනට වාර්තා වි නොමැති අතර මෙය බොහෝ විට Android 12 OS එකෙන් සමන්විත විය හැකි වෙනවා. ඒ වගේම මේ Phone එකේ නිෂ්පාදන කටයුතු Foxconn’s FIH Mobile සමග එක්ව සිදු කරන බවත් වාර්තා වෙනවා.`

Source : Onward Mobility, Gizmochina