Loading...
සුපුරුදු physical keyboard එක සහ 5G තාක්ෂණය සහිතව 2021දී Blackberry ජංගම දුරකතනයක් වෙලඳපලට නිකුත් කිරීමේ සූදානමක්

Security Brand එකක් වෙන Onward Mobility සමාගම හා අනුබද්ධව 2021 වසරේදි BlackBerry සන්නාමය සහිත දුරකථනයක් වෙළදපොලට පැමිණිමට නියමිත බව මේ වන විට වාර්තා වි තිබෙනවා. ඒ අනුව 2021 දි අපිට 5G තාක්ෂණයෙන් බල ගැන්වෙන BlackBerry-Branded Phones දැක ගැනිමට හැකි වෙන බව Onward Mobility සමාගමේ නිල වෙබ් අඩවිය විසින් සදහන් කර තිබෙනවා.

මේ වසර මුලදි TCL හා BlackBerry සමාගම් ප්‍රකාශ කරේ මින් පසු TCL සමාගම විසින් BlackBerry-Branded Smartphones නිපදවිමක් සිදු නොකරන බවයි. ඒ අනුව මින් පසුව Onward Mobility සමාගම යටතේ BlackBerry-Branded Smartphones නිකුත් වෙන බවත් සදහන් කරනු ලැබුවා.

මේ තොරතුරැවලට අනුව දැන් BlackBerry-Branded Smartphones නැවත වෙළදපොලට පිවිසිමට සුදානම් වි ඇති බව කියන්න පුළුවන්. Onward Mobility කියන්නේ එතරම් ප්‍රසිද්ධ නොමැති Mobile Security Brand එකක්.

ඒ වගේම Onward Mobility නිල වෙබ් අඩවියට අනුව 2021 වසරේදි අපිට BlackBerry 5G දුරකථනයක් දැක බලා ගැනිමේ හැකියාව ලැබෙන බව නිසකයි. Onward Mobility ආයතනය පවසන්නේ මේ නව Devices “Highly secure” හා “suite of end-to-end security solutions” ආකාරයේ ඉතා ඉහල පෞද්ගලික ආරක්ෂාවක් සහිතව පෞද්ගලිකත්වය මුල් තැන දි නිර්මාණය කරන බවයි. නමුත් තාමත් මේ නව Device හෝ Devicesවල Specifications පිළිබඳව පැහැදිලි තොරතුරුක් නිකුත් වි නැ.

BlackBerry සමාගමේ Executive Chairman and CEO වන John Chen මහතා මේ Onward Mobility සමග එකතු විම ගැන පහත ප්‍රකාශයක් නිකුත් කරල තියෙනවා.

“BlackBerry is thrilled OnwardMobility will deliver a BlackBerry 5G smartphone device with physical keyboard leveraging our high standards of trust and security synonymous with our brand. We are excited that customers will experience the enterprise and government level security and mobile productivity the new BlackBerry 5G smartphone will offer,”

මේ අනුව ඉදිරියේ දි නිකුත් විමට නියමිත මේ BlackBerry Devices physical keypad එකක් සහිතව Android Operation System එක සමග නිපදවිමට බලාපොරොත්තු ඇති බව කියන්න පුළුවන්.

Onward Mobility සමාගමේ නිල වෙබ්අඩවිය දක්වා ඇත්තේ මේ Phones Design කිරිම හා Manufacture කිරිම BlackBerry සමාගම හා Foxconn subsidiary සමාගම අනුබද්ධ FIH Mobile සමග ඒකාබද්ධව සිදු වන බවයි.

Sources : Android Authority, OnwardMobility