Loading...
SLT-Mobitel සහ Dialog විසින් හඳුන්වාදුන් 5G පැකේජ වල මිල ගණන් මෙන්න

ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සනිටුහන් කරමින්, Dialog සහ SLT-Mobitel සිය 5G සේවාවන් නිල වශයෙන් හඳුන්වාදුන් බව අප ඔබව මීට පෙර දැනුවත් කරනු ලැබුවා.

පසුගියදා පැවැත්වූ 5G Spectrum Auction හිදී රුපියල් බිලියන 10 කට අධික මුදලක් රජයට උපයා දෙමින් මෙම බලපත්‍ර ලබා ගැනීමට Dialog සහ SLT-Mobitel සමත් විය. මෙම ලිපිය හරහා අප බලාපොරොත්තු වන්නේ මෙම සමාගම් දෙක හඳුන්වා දී ඇති නව 5G පැකේජ සහ පාරිභෝගික ඔබට මෙයින් ලැබෙන වාසි පිළිබඳව සවිස්තරාත්මකව සොයා බැලීමටයි.


Dialog 5G නවතම පැකේජ

Dialog විසින් විවිධ මට්ටමේ පාරිභෝගිකයන් ඉලක්ක කර ගනිමින් නවතම Anytime Data පැකේජ කිහිපයක් හඳුන්වා දී තිබේ,

  • Rs. 1,545 Anytime Plan: මාසයක් පුරා භාවිතා කළ හැකි 25GB Anytime Data ප්‍රමාණයක් මෙයට ඇතුළත් වේ.
  • Rs. 1,995 Anytime Plan: 40GB Anytime Data ප්‍රමාණයක් හිමිවන අතර මෙය සාමාන්‍ය පරිශීලකයෙකුට ඉතා යෝග්‍ය වේ.
  • Rs. 2,495 Anytime Plan: 60GB Anytime Data ප්‍රමාණයක් හිමිවේ. HD Streaming සහ විශාල Files Download කරන අයට මෙය වාසිදායකය.
  • Rs. 3,995 Anytime Plan: Dialog විසින් ලබා දෙන ඉහළම පැකේජය වන මෙයට 125GB Anytime Data ප්‍රමාණයක් ඇතුළත් කර ඇත.

Dialog සමාගම සතුව පවතින 27 GHz mmWave තරංග මාලාව නිසා ඔවුන්ට Gigabit-speed ලබා දීමේ හැකියාව පවතී. එමෙන්ම රටවල් 76 කට අධික ප්‍රමාණයක 5G Roaming පහසුකම ලබා දෙන එකම මෙරට සේවා සපයන්නා ද Dialog වේ.


SLT-Mobitel 5G නවතම පැකේජ

SLT-Mobitel ද 5G තරඟයේ ප්‍රබල තැනක් ගෙන ඇත. ඔවුන් මෑතකදී 10Gbps ඉක්මවූ වේගයක් පරීක්ෂණ මට්ටමින් (5G Standalone network trial) ලබා ගනිමින් වාර්තාවක් පිහිටුවීය. SLT-Mobitel විසින්ද විවිධ මට්ටමේ පාරිභෝගිකයන් ඉලක්ක කර ගනිමින් නවතම Anytime Data පැකේජ කිහිපයක් හඳුන්වා දී තිබේ,

ජාල ව්‍යාප්තිය සහ ආවරණය

SLT-Mobitel දැනටමත් දිස්ත්‍රික්ක 18 ක සිය 5G පරීක්ෂණ මට්ටමේ ආවරණය (Trial coverage) ව්‍යාප්ත කර ඇත. කොළඹ One Galle Face Mall වැනි ප්‍රධාන ස්ථාන වලදී මහජනතාවට මෙම 5G අත්දැකීම නොමිලේ ලබා ගැනීමට ද ඔවුන් අවස්ථාව සලසා දී තිබුණි.

SLT-Mobitel 5G හි ඇති වාසි

ඔවුන්ගේ 5G සේවාව මූලික වශයෙන් ඉලක්ක කරන්නේ Gaming, ව්‍යාපාරික ක්ෂේත්‍රය සහ කර්මාන්තශාලා ඩිජිටල්කරණය කිරීමයි. SLT-Mobitel පවසන්නේ ඔවුන්ගේ ශක්තිමත් Fiber ජාලය හරහා 5G සම්ප්‍රේෂණය කිරීම නිසා ඉතා ස්ථාවර සහ වේගවත් අන්තර්ජාල සේවාවක් ලබා දිය හැකි බවයි.


5G සේවාව ලබා ගැනීමට ඔබ කළ යුත්තේ කුමක්ද?

ඔබට 5G සේවාව අත්විඳීමට අවශ්‍ය නම් මූලික අවශ්‍යතා කිහිපයක් සපුරාලිය යුතුය:

  • 5G Compatible Device: ඔබ භාවිතා කරන ස්මාර්ට් ජංගම දුරකථනය හෝ රවුටරය 5G තාක්ෂණයට සහාය දැක්විය යුතුය. (උදාහරණ: iPhone 12 සහ ඉහළ, Samsung S21 සහ ඉහළ, Honor, Xiaomi වැනි නවතම මාදිලි).
  • 4G SIM (USIM): දැනට ඔබ භාවිතා කරන 4G SIM එක බොහෝ විට 5G සඳහා ක්‍රියා කරයි. නමුත් ඔබ සතුව පැරණි 2G හෝ 3G SIM එකක් පවතී නම් එය වහාම 4G SIM එකක් දක්වා upgrade කරගත යුතුය.
  • Settings: ඔබේ දුරකථනයේ Network Settings වෙත ගොස් '5G' හෝ '5G Auto' ලෙස සකස් කරගත යුතුය.
  • 5G Coverage Area: ඔබ 5G සංඥා පවතින ප්‍රදේශයක සිටිය යුතුය.

Dialog

https://www.dialog.lk/support/coverage වෙත පිවිසීමෙන් ඔබගේ ප්‍රදේශයට 5G ආවරණය තිබේද යන්න බලාගත හැක.

SLT-Mobitel

අනුරාධපුරය (Anuradhapura)

  • අනුරාධපුර ශාඛාව
  • අනුරාධපුර නගරය
  • නව බස් නැවතුම්පොළ පරිශ්‍රය
  • මිහින්තලේ විශ්වවිද්‍යාලය අවට

මඩකලපුව (Batticaloa)

  • මඩකලපුව ශාඛාව
  • මඩකලපුව නගරය

කොළඹ (Colombo)

  • SSC ක්‍රීඩාංගණය, රෝයල් ක්‍රීඩාංගණය, රේස්කෝස් සහ බ්ලූම්ෆීල්ඩ් සමාජ ශාලාව
  • ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය සහ BOC ප්‍රධාන කාර්යාලය අවට
  • නෙළුම් කුළුණ (Lotus Tower)
  • මොබිටෙල් ප්‍රධාන කාර්යාලය
  • විහාරමහාදේවී උද්‍යානය
  • ලිබර්ටි වටරවුම සහ කොල්ලුපිටිය හන්දිය
  • ගාලු මුවදොර (Galle Face)
  • මොරටුව, NSBM සහ SLIIT විශ්වවිද්‍යාල
  • බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව (BMICH) සහ නෙළුම් පොකුණ අවට
  • කොටුව සහ කොම්පඤ්ඤවීදිය (Slave Island)
  • ශැන්ග්‍රිලා, රමාඩා සහ මොනාක් ඉම්පීරියල්

ගාල්ල (Galle)

  • ගාල්ල නගරය

ගම්පහ (Gampaha)

  • ගුවන් තොටුපළ සහ කටුනායක කලාපය
  • කැලණිය විශ්වවිද්‍යාලය

යාපනය (Jaffna)

  • යාපනය ශාඛාව
  • යාපනය නගරය

කළුතර (Kalutara)

  • පානදුර නගරය සහ වෙරළ තීරය
  • වලාන සහ කළුතර දකුණ

මහනුවර (Kandy)

  • KCC වෙළඳ සංකීර්ණය
  • පේරාදෙණිය ඉංජිනේරු පීඨය
  • මහනුවර නගරය

කුරුණෑගල, කෑගල්ල සහ මාතලේ

  • කුරුණෑගල නගරය
  • කෑගල්ල නගරය
  • මාතලේ නගරය
  • දඹුල්ල නගරය

මාතර (Matara)

  • වැලිගම නගරය සහ වෙරළ
  • මිරිස්ස වෙරළ තීරය

නුවරඑළිය (Nuwara Eliya)

  • නුවරඑළිය නගරය

පොළොන්නරුව (Polonnaruwa)

  • Thambala නගරය
  • පොළොන්නරුව නගරය

රත්නපුරය (Rathnapura)

  • රත්නපුර නගරය

ත්‍රිකුණාමලය සහ වව්නියාව

  • ත්‍රිකුණාමලය නගරය
  • වව්නියාව නගරය

ශ්‍රී ලංකාව 5G යුගයට අවතීර්ණ වීම අප සැමට ආඩම්බර විය හැකි කරුණකි. ඔබත් 5G උපාංගයක් භාවිතා කරන්නේ නම්, අදම ඔබගේ සේවා සපයන්නා හරහා මෙම අත්දැකීම ලබා ගන්න.

ඔබට ඔබගේ ප්‍රදේශයේ 5G ආවරණය පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය නම්, අදාළ සමාගම්වල නිල වෙබ් අඩවි හෝ MyDialog/SLT-Mobitel App භාවිතා කළ හැකිය.