Loading...
Data Roll Over පහසුකම සමඟින් Home Wi-Fi postpaid plans රැසක් Dialog සමාගම වෙතින් ශ්‍රී ලංකාවේදී ප්‍රථම වතාව​ට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල සේවා සපයන සමාගම විසින් ඔවුන්ගේ Home Broadband පාරිභෝගිකයින් සඳහා නව පසුගෙවුම් අන්තර්ජාල පැකේජයන් කිහිපයක් සුවිශේෂි විශේෂාංග කිහිපයක් සමඟින් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.

Image Source - Dialog Axiata Facebook page

මෙලෙස හඳුන්වා දී ඇති අන්තර්ජාල පැකේජයන් සමඟින් තෝරා ගත් Applications සඳහා Unlimited Data, Addons පැකේජයන් සක්‍රීය කිරීමේ හැකියාව සහ Data Roll Over කිරිමේ හැකියාව ලබා දී තිබෙනවා. මේ Data Roll Over පහසුකම මගින් ඔබගේ Data පැකේජයේ එකේ මාසය අවසන් වන විට ඉතුරු Data මීලග මාසය සඳහාත් භාවිත කිරීමේ හැකියාව ලැබෙනවා. මේ පහසුකම ලංකාවේ ප්‍රථම වතාවටයි Dialog Axiata සමාගම විසින් ඔවුන්ගේ පසුගෙවුම් Home Broadband පැකේජයන් සඳහා හඳුන්වා දී තිබෙන්නේ.


නව පසුගෙවුම් අන්තර්ජාල පැකේජයන්,

Home Wi-Fi 50

රු. 1312.00ක මිලකට ලබා ගත හැකි මේ පැකේජය ඔස්සේ මාසයක කාලයක් භාවිත කිරීම සඳහා Anytime Data 50GB ලැබෙනවා. එමෙන්ම මේ පැකේජය සමඟින් පහත Addon 1,2,3,4 සහ 5 පැකේජයන්ද සක්‍රීය කර ගැනිමේ හැකියාව ලැබෙන අතරම මාසය අවසන් වන විට ඉතුරු Data මීලග මාසය සඳහාත් භාවිත කිරීමේ හැකියාව මේ පැකේජය සමඟත් ලැබෙනවා.

Home Wi-Fi 80

රු. 2,034.00ක මිලකට ලබා ගත හැකි මේ පැකේජය ඔස්සේ මාසයක කාලයක් භාවිත කිරීම සඳහා Anytime Data 80GB ලැබෙනවා. එමෙන්ම මේ පැකේජය සමඟින් පහත Addon 1, 2, 3, 4 සහ 5 පැකේජයන්ද සක්‍රීය කර ගැනිමේ හැකියාව ලැබෙන අතරම මාසය අවසන් වන විට ඉතුරු Data මීලග මාසය සඳහාත් භාවිත කිරීමේ හැකියාව මේ පැකේජය සමඟත් ලැබෙනවා.

Home Wi-Fi 120

රු. 2,997.00ක මිලකට ලබා ගත හැකි මේ පැකේජය ඔස්සේ මාසයක කාලයක් භාවිත කිරීම සඳහා Anytime Data 120GB ලැබෙනවා. එමෙන්ම මේ පැකේජය සමඟින් පහත Addon 1, 2, 3, 4 සහ 5 පැකේජයන්ද සක්‍රීය කර ගැනිමේ හැකියාව ලැබෙනවා අතරම මාසය අවසන් වන විට ඉතුරු Data මීලග මාසය සඳහාත් භාවිත කිරීමේ හැකියාව මේ පැකේජය සමඟත් ලැබෙනවා.

Home Wi-Fi 170

රු. 4201.00ක මිලකට ලබා ගත හැකි මේ පැකේජය ඔස්සේ මාසයක කාලයක් භාවිත කිරීම සඳහා Anytime Data 170GB ලැබෙන අතරම Facebook, Instagram, TikTok, Zoom, Microsoft සහ Education Apps සඳහා Unlimited Data හිමි වෙනවා. එමෙන්ම මේ පැකේජය සමඟින් පහත Addon 1, 4 සහ 5 පැකේජයන්ද සක්‍රීය කර ගැනිමේ හැකියාව ලැබෙන අතරම මාසය අවසන් වන විට ඉතුරු Data මීලග මාසය සඳහාත් භාවිත කිරීමේ හැකියාව මේ පැකේජය සමඟත් ලැබෙනවා.

Home Wi-Fi 410

රු. 9,978.00ක මිලකට ලබා ගත හැකි මේ පැකේජය ඔස්සේ මාසයක කාලයක් භාවිත කිරීම සඳහා Anytime Data 410GB ලැබෙන අතරම Youtube, Facebook, Instagram, TikTok, Zoom, Microsoft සහ Education Apps සඳහා Unlimited Data හිමි වෙනවා. එමෙන්ම මේ පැකේජය සමඟින් පහත Addon 4 සහ 5 පැකේජයන්ද සක්‍රීය කර ගැනිමේ හැකියාව ලැබෙන අතරම මාසය අවසන් වන විට ඉතුරු Data මීලග මාසය සඳහාත් භාවිත කිරීමේ හැකියාව මේ පැකේජය සමඟත් ලැබෙනවා.

Image Source - Trcsl

ඉහත පැකේජයන් සමඟ සක්‍රීය කළ හැකි Addon පැකේජයන්

Add-on Package - 1

රු. 300.00ක මුදලකට සක්‍රීය කර හැකි මේ පැකේජය ඔස්සේ Youtube සඳහා 30GB ලබා ගත හැකි වනවා. පැකේජයේ වලංගු කාලය දින 30කි. මේ Addon පැකේජය ලබා ගත හැකි වන්නේ Home Wi-Fi 50, 80, 120 සහ 170 පාරිභෝගිකයින්ට පමණයි.

Add-on Package - 2

රු. 240.00ක මුදලකට සක්‍රීය කර හැකි මේ පැකේජය ඔස්සේ Facebook, Instagram සහ TikTok සඳහා 20GB ලබා ගත හැකි වනවා. පැකේජයේ වලංගු කාලය දින 30කි. මේ Addon පැකේජය ලබා ගත හැකි වන්නේ Home Wi-Fi 50, 80, සහ 120 පාරිභෝගිකයින්ට පමණයි.

Add-on Package - 3

රු. 110.00ක මුදලකට සක්‍රීය කර හැකි මේ පැකේජය ඔස්සේ Zoom, Microsoft සහ Education Apps සඳහා 10GB ලබා ගත හැකි වනවා. පැකේජයේ වලංගු කාලය දින 07කි. මේ Addon පැකේජය ලබා ගත හැකි වන්නේ Home Wi-Fi 50, 80, සහ 120 පාරිභෝගිකයින්ට පමණයි.

Add-on Package - 4

රු. 270.00ක මුදලකට සක්‍රීය කර හැකි මේ පැකේජය ඔස්සේ Netflix සඳහා 10GB ලබා ගත හැකි වනවා. පැකේජයේ වලංගු කාලය දින 07කි. මේ Addon පැකේජය ඉහත ඕනෑම Home Wi-Fi පැකේජයක් භාවිත කරන පාරිභෝගිකයකුටම ලබා ගත හැකි වනවා.

Add-on Package - 5

රු. 140.00 මුදලකට සක්‍රීය කර හැකි මේ පැකේජය ඔස්සේ Unlimited Any Network Calls ලබා ගත හැකි වනවා. පැකේජයේ වලංගු කාලය දින 30කි. මේ Addon පැකේජය ඉහත ඕනෑම Home Wi-Fi පැකේජයක් භාවිත කරන පාරිභෝගිකයකුටම ලබා ගත හැකි වනවා.

Image source - Trcsl

සැ.යු - කෙසේ වෙතත් තවමත් මේ Addon පැකේජයන් සක්‍රීය කර ගැනිමේ හැකියාව ඔවුන් විසින් ලබා දී නැති බවයි වාර්තා වන්නේ.