ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිණාමයේ තීරණාත්මක පියවරක් තබමින්, Dialog Axiata PLC සමාගම විසින් මෙරට විශාලතම 5G ජාලය වන 'Dialog 5G Ultra' වාණිජමය වශයෙන් දියත් කළ බව නිවේදනය කර තිබෙනවා. මෙමඟින් ශ්‍රී ලංකාව නිල වශයෙන් 5G යුගය වෙත ප්‍රවිෂ්ට වන අතර, දැනටමත් මිලියන 1.5කට අධික පාරිභෝගිකයින් පිරිසක් මෙම ජාලය සමඟ සම්බන්ධ වී සිටීම සුවිශේෂීත්වයක් වනවා.
දිවයින පුරා සක්‍රීයව පවතින 5G මධ්‍යස්ථාන 220කට අධික සංඛ්‍යාවක් හරහා ක්‍රියාත්මක වන මෙම ජාලය, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වාණිජමය වශයෙන් 5G සක්‍රීය කළ ජාලය ලෙසද සිය නායකත්වය තහවුරු කරයි.
අද (18) විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් පවත්වන ලද 5G සංඛ්‍යාත වෙන්දේසියේදී Dialog සමාගම විසින් 3500 MHz සංඛ්‍යාත පරාසය දිවයින පුරා පුළුල් ආවරණයක් (Wide-area coverage) ලබා දීම සඳහාත් සහ 27 GHz සංඛ්‍යාත පරාසය අධි-ධාරිතා සහ Gigabit වේගයන් සහිත සේවා ලබා දීම සඳහාත් හිමි කර ගනු ලැබුවා. ශ්‍රී ලංකාවේ 27 GHz සංඛ්‍යාත පරාසය ලබා ගත් එකම ක්‍රියාකරු Dialog සමාගම වීමත් විශේෂ වනවා.
Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මෙම දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාව පුරා 5G ව්‍යාප්ත කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක ආයෝජනයක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඒ සමඟම මොවුන් 5G Mobile Boardband පැකේජයන් කිහිපයකුත් හදුන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සන්නිවේදන සමාගම් දෙකම (Dialog සහ SLT-Mobitel) එකම දිනකදී 5G නිල වශයෙන් දියත් කිරීම, මෙරට ඩිජිටල් අනාගතයේ කෙබඳු වෙනසක් ඇති කරනු ඇතැයි අප බලා සිටිමු.
Source: www.adaderana.lk








