හැම දෙයක්ම Digital වෙන කාලේ Android වැඩකාරයෝ අපි හිතුවා මෙවරත් සිංහල හා දෙමළ නව අවුරුදු නැකත් සීට්ටුවත් Digital අයුරින් ඔබට ලබාදෙන්න.
පරණ අවුරුද්ද සඳහා ස්නානය 🪣
අප්‍රේල් මස 13 වැනි ඉරිදා දින බෝ පත් යුෂ මිශ‍්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
අලුත් අවුරුදු උදාව 🌞
අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 03.21 ට සිංහල අලූත් අවුරුද්ද උදාවෙයි.
පුණ්‍යකාලය 🙏
අප්‍රේල් මස 13 වැනි ඉරිදා රාත්‍රී 08:57 සිට එළඹෙන 14 වැනි සඳුදා පූර්ව භාග 09:45 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වැනි ඉරිදා දින රාත්‍රී 08.57 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදෙනු මැනවී.
ආහාර පිසීම 🍚
අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 04.04 ට තඹ වර්ණ වස්ත‍්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරි මිශ‍්‍ර බතක් ද තල හා විළඳ මිශ‍්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම ⚒️️, ගනුදෙනු කිරීම 💵 හා ආහාර අනුභවය 🍽️
අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 06.44 ට තඹ වර්ණ වස්ත‍්‍රාභරණයෙන් සැරසී දකුණූ දිශාව බලා සියලූ වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
හිසතෙල් ගෑම 🪔
අප්‍රේල් මස 16 වැනි බදාදා පූර්ව භාග 09.04 ට කොළ පැහැති වස්ත්රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුග පත් ද තබා තෙල් සහ ඉඹුල්පත් මිශ‍්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.
රැකී රක්ෂා සඳහා පිටත් වීම 💼
අප්‍රේල් මස 17 වැනි බ්‍රහස්පතින්දා දින පූර්වභාග 09.03 ට රන්වන් පැහැති වස්ත්රාභරණයෙන් සැරසී, උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.
පැළ සිටුවීම 🌱
අප්‍රේල් මස 18 වැනි සිකුරාදා පූර්වභාග 10.16 ට රන්වන් පැහැති වස්ත්රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි.
එහෙනම්, ලබන්නාවූ නව වසර සිතුම් පැතුම් ඉටුවන නිරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා! යි කියලා Android වැඩකාරයෝ අපි එක සිතින් ප්‍රාර්ථනා කරනවා. ☀️💚🙏