Loading...
වේගවත් පුළුල් අන්තර්ජාල සේවාවක් සැපයීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම​ට edotco Sri Lanka විසින් HUTCH සමඟ අත්වැල් බැඳ ග​නී

ශ්‍රී ලංකාවේ වේගවත්ම 5G Trail Network එක හදුන්වා දීමට කටයුතු කළ Hutch සමාගම විසින් නොනවතින වේගවත් පුළුල් අන්තර්ජාල අත්දැකීමක් තම පාරිභෝගිකයාට ලබා දීම සදහා දිවයින පුරා බහු කාර්යය Smart Street Lamp pole 500 ඉදිකිරීමට සුදානමින් සිටිනවා.

මෙම Build-to-suit' Multipurpose Smart Street Lamp Pole 500 ඉදිකිරීම සදහා Hutch සමාගම විසින් Edotco Services Lanka සමාගම සමග ගිවිසුම් ගත වි තිබෙනවා.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් Hutch සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා පවසා සිටියේ මේ වෙන විට ජංගම දුරකථන සන්නිවේදන සේවා සදහා රටේ වේගයෙන්ම වර්ධනය වෙන තේරීම Hutch සන්නිවේදන ජාලය බවයි. එමෙන්ම රට පුරා ආවරණ කලාප 2400කට වැඩි ප්‍රමාණයක් සමගින් දැරිය හැකි මිලකට Broadband සේවාවන් සපයන සේවාකරැත් Hutch බවයි ඔහු දක්වා තිබෙන්නේ.

Edotco Services Lanka සමාගමේ වැඩබලන කළමනාකාර අධ්‍යක්ෂ වෙන ගයාන් කෝරලගේ මහතා දක්වා සිටියේ මේ ව්‍යාපෘතිය සදහා එක්වීමට ලැබිම ඉතා ගෞරවයක් වෙන බවත්, මේ Multi-purpose smart lamp poles ව්‍යාපෘතිය ඔස්සේ GB එකක් සදහා වැය වෙන පිරිවැය අඩු කිරීමටත් Hutch සමාගමට හැකි වෙනු ඇති බවයි.

Source : Ada derana Biz