Loading...
Starlink ජාලය හරහා අලෝකයේ වේගයට ආසන්න වේගයකින් දත්ත හුවමාරු කරගත හැකි බවට Elon Musk තහවුරු කරයි

SpaceX සමාගම විසින් මේ වෙන විට ඔවුන්ගේ Starlink අන්තර්ජාල සේවාවේ Beta Service එක මේ වෙන විට ලොව පුරාම ව්‍යාප්ත කරමින් සිටිනවා. කෙසේ වෙතත් මේ වෙන විට ලබා දෙන Beta Service එකේ පවතින එකම අඩුපාඩුව ලෙස අඩු අන්තර්ජාල වේගය දක්වන්න පුළුවන්.

මේ පිළිබඳ වැඩිදුර අදහස් දක්වමින් SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා විසින් සදහන් කර ති⁣බෙන්නේ මේ Starlink අන්තර්ජාල සේවයට ආලෝකයේ වේගයට ආසන්න අන්තර්ජාල වේගයක් සැපයිය හැකි බවයි.

ඒ අනුව ඉදිරියේදි SpaceX සමාගම විසින් Starlink අන්තර්ජාල සේවාව සදහා Laser-Equipped Satellites භාවිතා කිරිමට සුදානමින් සිටිනවා. මේ වෙන විට Starlink අන්තර්ජාල සේවය Starlink Satellites, Starlink Dish හා Starlink Ground Stations වලින් සමන්විත වෙන අතර Starlink Satellites සමග සන්නිවේදනයට ගත වෙන කාලය වැඩි විම නිසා වේගවත් දත්ත හුවමාරුවට බාධා ඇති වෙනවා. මේ Laser-Equipped Satellites සමග Optical Fibers තුල දත්ත සම්ප්‍රේෂණ වේගයට වඩා 40%ක වැඩි දත්ත සම්ප්‍රේෂණ වේගයක් Starlink අන්තර්ජාල සේවය තුලින් ලබා ගත හැකි වනු ඇත.

Laser-Equipped Satellites සමගින් Starlink අන්තර්ජාල සේවය ඔස්සේ Data Packet එකක් තත්පරයට සැතපුම් 180,832ක වේගයෙන් සම්ප්‍රේෂණය කල හැකි වනු අතර මෙම වේගය රික්තකය තුලදි ආලෝකයේ වේගයට ආසන්න වශයෙන්, එනම් 97% කින්ම සමාන වෙනු ලබනවා.

Source: Gizmochina