Loading...
Huawei සමාගම විසින් EMUI සඳහා භාවිතා කරන අවසාන Android සංස්කරණය ලෙස Android 11 නම් කෙරේ

ඉදිරි මාස කීපය ඇතුලත Huawei සමාගම Android වලින් Harmony OS (a.k.a. HongMeng in China) එකට මාරු වෙන බවට දැනටමත් තහවුරු වී අවසානයි. ඉතින් Huawei සමාගමේ consumer software department එකේ සභාපති වන Wang Chenglu මහතා සඳහන් කරන ආකාරයට Huawei සමාගමේ Android-based operating system line up එකේ අන්තිම OS එක විදිහට EMUI 11 හැඳින්වෙනවා. ඔහු සඳහන් කරන අකාරයට දැනටමත් EMUI 11 OS එක performance, system scheduling වගේ HongMeng වල features use කරනවා.

Wang අතින් වැඩි දෙයක් සඳහන් වුනේ නැති උනත් HongMeng OS 2.0 launch කරාට පස්සේ Huawei සමාගම Android වලට සමු දීමට කටයුතු යොදමින් පවතිනවා. දැනට වාර්තා වෙන විදිහට mobile phones වලට කලින් televisions සහ automobiles සඳහා HongMeng OS 2.0 දෙසැම්බර් මාසයේ නිකුත් වීමට නියමිතයි කියලා සඳහන් වෙනවා.

MyDrivers කියන Chinese tech blog එකට අනුව ලබන වසරේදී Huawei devices සඳහා “fully support HongMeng 2.0” OS එකක් නිකුත් කිරීමට නියමිත වෙනවා වගේම EMUI 11 users ලට මූලිකත්වය ලබා දෙමින් priority update එකක් ඔවුන්ට නිකුත් කිරීමට කටයුතු කරලා තියෙනවා.

EMUI 11 run කරන ඇතැම් devices වලට Harmony OS 2.0 update එක ලබාදෙනවා කියන news එක Huawei සමාගම විසින් තහවුරු කරලා දින කීපයකට පස්සෙ තමයි මේ වාර්තාව නිකුත් වෙන්නේ. ඉතින් මේ OS එක පළමු වතාවට unveil උනේ පසුගිය අවුරුද්දෙයි. ඒ Huawei සමාගමට එල්ල උන ඇමෙරිකානු සම්බාධක හේතුවෙන් Android සඳහා ඇති access එක නැති වෙයි කියන සැකය නිසා.

කලින් පල උන ආරංචි වලට අනුව මේ OS එක ලැබෙන පලවෙනි device batch එක විදිහට හැඳින්වෙන්නේ Kirin 9000 SoC එකෙන් බලගැන්වෙන device batch එක. ඊලඟට Kirin 990 තියෙන devices. වැදගත් ම කාරණය තමයි full update එක ගන්න දැනට rumor වෙලා තියෙන්නෙ 5G devices විතරයි කියන දේ. 4G devices ගැන් තවම සඳහනක් නෑ..

Source : GSMArena