පසුගිය දින වල Instagram, Facebook, twitter වගේ සොශල් මිඩියා වල 10 years challenge බොහොමයක් වෛරල් ගියා. අපි බලමු මෙකෙ අපිට තියෙන හානි මොනවද කියලත්.
ප්රවේශ වෙන්න කලින් මේ චැලේන්ජ් එක ගැන ගියපු ට්වීට් එකක් බලමු.
Me 10 years ago: probably would have played along with the profile picture aging meme going around on Facebook and Instagram
— Kate O'Neill (@kateo) January 12, 2019
Me now: ponders how all this data could be mined to train facial recognition algorithms on age progression and age recognition
මෙහෙම දෙවල් මූලිකවම වෙන්නේ අනාගතයෙදි වඩාත්ම වැදගත් වෙන්නෙ තොරතුරුයි අනික අපි හොදටම දන්නවා එහෙම එකතු කරගන්න තොරතුරු වලින් කොච්චර ලාබයක් ලබනවද කියලා එවා එකතු කරන කම්පැනීස්
හරි අපි බලමු මේ චැලෙන්ජ් එක ගැන
හිතන්න අපිට අපේ මුහුනේ ෆෙශල් රෙකග්නිශන් ඇල්ගොරිදම් එකක් ට්රෙන් කරන්නොන කියලා වයස් ගත වීම සහ ඒ ආශ්රිත දෙවල් ගැන
උදා• පුද්ගලයෙකු වැඩිහිටි ලෙස පෙනෙන අයුරු
ඔව් ඔව් ඉතින් ෆබී එකට සහ අනෙකුත් සොශල් මිඩියාවලට අපි කලින් අප්ලොඩ් කරපු ෆොටො ටික ගන්න තිබ්බා නෙ මෙහෙම චැලෙන්ජ් එකක් නොකර ඒ උනාට අපි අප්ලොඩ් කරපුවා හරි පිලිවෙලටම නෑ නෙ එතකොට වැඩේ අමාරු වෙනවා.
වෙනත් විදියකට කියනවා නම් අපි #10yearchallenge කියලා නෙ මේක සොශල් මිඩියා වල පොස්ට් කරන්නෙ මේ # ටැග් එක නිසා පහසුවෙන්ම එක් එක් පුද්ගලන්ගෙ ෆොටෝ ටික ගබඩා කරගන්න පුළුවන්. සමහර පුද්ගලයින්ගේ සොශල් මිඩියා අකවුන්ට්ස් වල ඇත්තටම අවුරුදු 10කට කලින් ගත්ත ෆොටෝ තියෙන්නත් පුළුවන් ඒ උනාට එවා හරියටම අවුරුදු 10කටකලින් ගත්තද කියන්න බෑ නෙ ඒ හින්දා ඒ උත්සහය ආසාර්තකයි
මම මෙතනදි කියන්නෑ හරියටම මේක ෆෙස්බුක් ආයතනයේ වැඩක් කියලා ඒ උනාට ෆෙස්බුක් ආයතනයත් මේකෙන් චාන්ස් එකක් නොගත්තම කියන්නත් බෑ ඒගොල්ලන්ගෙ Ai එක දියුනු කරගැනීමට
මේ වගේ වැඩ වලින් වෙන්නෙ අපේ digital foot prints වල බර වැඩී වීමයි ඒ කිව්වේ අපේ ඩිජිටල් ෆුට් ප්රින්ට්ස් වල බර වැඩි උනා කියන්නෙ අපේ පෞද්ගලිකත්වයට විශාල වශයෙන් හානී වීමයි
මෙකේ හොද පැත්තකුත් තියෙනවා ඉතින් ගිය සතියේ New Delhi පොලීසිය වාර්තා කලේ මේ ෆෙශල් රෙකග්නිශන් සිස්ටම් එකෙන් දින හතරක් ඇතුලත අතුරුදහන් වූ ළමුන් 3000 කට ආසන්න පිරිසක් සොයාගෙන ඇති බවයි ඉතින් මේ සිස්ටම් එක එතනදි නම් උපකාරි වෙනවා
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ වගේ දෙවල් අනාගතයෙදිත් පැමිනීමට නියමිතයි තව අතීතයෙත් මේ වගේ දෙවල් වෙලා තියෙනවා නෙ ඒ නිසා මේ වගේ දෙවල් ආවට ට්රෙන්ඩ් එකට කරන්න යන්නෙපා.
මේකත් කියවලා ඉවර වෙනකොට බොහොමයක් කියාවි, මගේ මුණෙන් මොනව ගන්නද අනේ කියල. දවසක කොතනක හෝ ගමනක යෙදී ඉන්නකොට ඔබගේ මූණ ආශ්රයෙන් ඔබගේ සෑම තොරතුරක්ම එක වර ලබා ගත හැකි තැනකට ලෝකය පැමිණේවි. දැනටමත් මේ ක්රමය විශාල වශයෙන් සංවර්ධනය වී අවසානයි. එදාට ඔබට පේන්නේ දවල් තරුය. එදාට මතක් කරගන්න Android වැඩකාරයෝ නම. ස්තූතියි.