Loading...
නිවැරදිව ගෝලයක් වාර්තා වුනාද යන්න පරික්ෂා කිරීමට FIFA 2022 ලෝක කුසලානයේ​දී භාවිතා වන Goal Line තාක්ෂණය

අප රට තුළ මෙන්ම අනෙකුත් ලොව පුරා සෑම රටකම පාපන්දු රසිකයින්ගේ උන්මාදයට හේතුවන FIFA 2022 පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය මේ වන විට කටාර් රාජ්‍යයේ පැවැවෙන බව මේ වන විටත් අප පාඨක ඔබ දැනුවත් බව නොඅනුමානය. එලෙස පැවැත්වෙන ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය දරන කටාර් රාජ්‍යයේ ඒ සඳහා වූ සූදානම පිළිබඳව මීට පෙර ඔබ වෙත දැනුවත් කළෙමු.

ඒ සමගම මෙම ලෝක කුසලානය හා සම්බන්ධ වන තාක්ෂණික පැතිකඩ පිළිබඳව විග්‍රහ කිරීම සඳහා ලිපි පෙළක් ඔබ වෙත ගෙන ඒමේ පොරොන්දුවේ පළමු පියවර ලෙස Off-Side Technology පිළිබඳව ලිපියක් ඔබ වෙත ගෙන ආවෙමු. එය මෙම සබැඳිය ඔස්සේ කියවිය හැක. දෙවන පියවර වශයෙන් මෙම ලිපියේදී සාකච්ඡාවට බඳුන් වන්නේ Goal Line Technology පිළිබඳවයි.

Goal Line Technology ඔස්සේ නිරීක්ෂණය කෙරෙන්නේ පාපන්දු ක්‍රීඩාවේ වූ පන්දුව සම්පූර්ණයෙන්ම Goal Line එක පසුකර යාම පිළිබඳවයි. මෙම ක්‍රමවේදය 2014 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන අතර මේ වන විට එය සීඝ්‍ර දියුණුවක් කරා එළඹී ඇත.

මෙම තාක්ෂණික ක්‍රියාවලිය FIFA 2022 හිදී සිදුවන්නේ කෙසේ ද?

මෙම Goal Line Technology හරහා සිදුවන ක්‍රියාවලියේ දී පන්දුව Goal Line එක සම්පූර්ණයෙන් පසුකළේද යන්න නිරීක්ෂණය කිරීම සඳහා High-Speed කැමරා 14ක් ක්‍රීඩාංගනය තුළ ස්ථානගත කර ඇත. එක් අන්තයකට කැමරා 7 බැගින් පවතින අතර මෙම කැමරා මගින් ලබාගන්නා දත්ත මත පදනම් ව පන්දුව Goal Line එක පසුකළ විගසම විනිසුරුවන් හට සංඥාවක් ලැබීම සිදුවේ. මෙම සංඥාව ලැබීම සිදුවන්නේ විනිසුරුවන් අතෙහි පැළඳ ඇති විශේෂිත ඔරලෝසුවකට ය.

එමෙන්ම මෙලෙස ලබාගත දත්ත මත පදනම්ව 3D තාක්ෂණය භාවිතයෙන් ප්‍රේක්ෂකයන් හට නිරීක්ෂණය කිරීමට ද අවස්ථාව සලසා තැබීම විශේෂත්වයකි.

විනිසුරුවන් අතෙහි පැලඳ සිටින විශේෂිත Watch එක මගින් පන්දුව Goal Line එක පසුකළේද යන්න දැනගැනීම.

මෙම තාක්ෂණික කරුණ සලකන විට පන්දුව Goal Line එක නිදහසේ පසු කිරීම නැතිනම් Goal Keeper ගේ ග්‍රහණයෙන් තොරව පසු කිරීම සිදුවන්නේ නම් එය ගැටලුවකින් තොරව Goal එකක් ලෙස නිගමනය කිරීම සිදු කරයි. එසේම යම්හෙයකින් පන්දු රකින්නා විසින් පන්දුව ලබාගෙන සිටින අවස්ථාවක පන්දුව Goal Line එක පසුකර යන්නේ නම් එයද මේ ඔස්සේ නිවැරදිව නිරීක්ෂණය කිරීමට හැකියාව පවතී. එයද ඉතාමත නිරවද්‍යව සටහන් කර ගැනීම සඳහා මෙම තාක්ෂණය මහත් සේ උපකාරී වේ.

එමෙන්ම මෙම FIFA 2022 තරඟාවලිය සඳහා යොදාගෙන ඇති තාක්ෂණය සමග මෙයින් ලැබෙන නිරවද්‍යතාවය පිළිබඳව සැලකීමේ දී සඳහන් වන්නේ පන්දුව Goal Line එක පසුකර 50mm (මිලිමීටර 50)ක් තරම් දුරක් ගමන් කරන විට එය Goal එකක් ලෙස සටහන් වන බවයි. එමෙන්ම විවිධ වේගයන් යටතේ පන්දුව ගමන් කළත් ඒ සියල්ලම වඩා නිරවද්‍යව නිරීක්ෂණය කිරීමට මෙම තාක්ෂණයට හැකියාව ඇත.

කෙසේ වෙතත් අප විසින් පෙර පළකර තිබූ Semi-Automated ක්‍රියාවලිය සඳහා භාවිතා කරනු ලබන කැමරා මේ සඳහා භාවිතා නොවන බව වැඩිදුරටත් සඳහන් වේ. මේ සඳහා වෙනම High Speed කැමරා 14ක් ක්‍රීඩාංගනයේ ස්ථානගත කර ඇති බව පවසයි.

පහත සඳහන් වීඩියෝව නැරඹීමෙන් ඔබට මේ පිළිබඳව මනා අවබෝධයක් ලැබෙනු ඇත.

මෙවැනිම තවත් FIFA 2022 ලෝක පාපන්දු ලෝක කුසලානය හා සම්බන්ධ තාක්ෂණික ලිපියක් ඔබ වෙත ඉදිරියේදී ගෙන ඒමට සූදානම් බව අප සතුටින් දැනුම් දෙමු. ඔබගේ දැනුම අනෙකුත් පාඨකයන් සමග බෙදා ගැනීමට ඔබගේ අදහස් පළකරන්න.

Sources: www.worldsoccer.com www.geospatialworld.net