Google Chrome Web Browser එක සඳහා හඳුන්වා දීමට නියමිත අති නවීන "Project Jarvis" නම් කෘත්‍රිම බුද්ධි සහායකයා නොමිලේ ලබා ගත නොහැකි වනු ඇතැයි මේ වන විට තොරතුරු වාර්තා වනවා. තාක්ෂණික වෙබ් අඩවිවල වාර්තාවලට අනුව Chrome Web Browser එකේ Code පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ, මෙම Agentic AI විශේෂාංග භාවිතා කිරීමට නම් Gemini AIහි Subscription එක ලබා තිබීම අවශ්‍ය වනු ඇති බවයි.
It looks like Chrome's agentic capabilities will be gated behind AI subscription tiers, at least initially. A commit confirms that 'actuation' (the ability for the AI to take actions on your behalf) will require a paid subscription:https://t.co/FhI0S0ePqqhttps://t.co/T5wsDouMGk pic.twitter.com/mvg5fsz4r9
— Leopeva64 (@Leopeva64) December 24, 2025
එනම් Chrome භාවිතා කරන්නන්ට තම දෛනික අන්තර්ජාල කටයුතු AI සහායකයෙකු ලවා කරවා ගැනීමට නම් අමතර පිරිවැයක් දැරීමට සිදුවනු ඇතැයි බලපොරොත්තු වන්න පුලුවන්.
මොකක්ද මේ Project Jarvis?
Project Jarvis යනු සරල Chatbot එකකට වඩා හාත්පසින්ම වෙනස් වූ "AI Agent" එකක් ලෙස හදුන්වා දෙන්න පුලුවන් වන අතරම එයට ඔබ වෙනුවෙන් Browser එක තුළ ක්‍රියාත්මක වීමේ හැකියාව පවතිනවා.
මෙයට ඔබ ලබා දෙන විධානයක් අනුව වෙබ් අඩවිවලට පිවිසීම, Forms පිරවීම, භාණ්ඩ මිලදී ගැනීම, හෝටල් හෝ ගුවන් ටිකට්පත් වෙන් කිරීම වැනි කාර්යයන් සිදු කිරීමේ හැකියාව පවතින අතර මෙය Google හි නවතම Gemini 2.0 මාදිලිය මඟින් බලගැන්වෙන බව වාර්තා වනවා.
ඇයි මේ සඳහා මුදල් අය කරන්නේ?
මෙම Agentic AI විශේෂාංග ක්‍රියාත්මක කිරීම සඳහා සාමාන්‍ය AI සංවාදයකට වඩා වැඩි Computing Power එකක් සහ Cloud Costs එකක් වැය වන අතර මේ නිසා මෙය භාවිත කිරීමට නම් Google AI Pro හෝ Google AI Ultra යන Subscription මිලදී ගත යුතු වනු ඇත.
ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය පිළිබඳ ගැටලු
ඔබ වෙනුවෙන් ගනුදෙනු කිරීමට සහ වෙබ් අඩවි හැසිරවීමට AI එකකට අවසර ලබා දීම මඟින් ආරක්ෂක අවදානම් පැන නැඟිය හැකිය අතර Jarvis හට ඔබගේ Web Browsing ඉතිහාසය සහ සංවේදී තොරතුරු වෙත ප්‍රවේශ ලබා දීමට සිදු වනවා. එමෙන්ම ඔබ සරලව කළ ප්‍රකාශයක්, විධානයක් ලෙස වරදවා වටහාගෙන AI එක විසින් අනවශ්‍ය මිලදී ගැනීම් සිදු කිරීමේ අවදානමක් පවතින බව විචාරකයෝ පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, Google විසින් මෙම විශේෂාංගය 2026 වසරේ මුල් භාගයේදී සියලුම පරිශීලකයින් වෙත ක්‍රමයෙන් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.
Source: www.bgr.com www.xda-developers.com








