Loading...
Google Pixel 6 ජංගම දුරකතන මාලාව ඔක්තෝම්බර් මස 28 වන දින නිකුත් වන බවට ඉඟි පළවෙයි

අපි ඔයාලට කිව්වා ඊළඟ Google pixel devices එන්නේ Google Tensor Chip set එකත් එක්ක කියලා ඊටත් අමතරව අපි ඔයාලට Google Pixel Device එකේ leaked උනු සමහර තොරතුරු ත් කිව්වා.

ඒත් මීට පෙර Google සමාගම මේ device එක release කරන දවස නිල වශයෙන් announce කරේ නැහැ. හැබැයි මීට පෙර අන්තර්ජාලයේ පළවූ නිල නොවන වාර්තා පෙන්වා දුන්නේ මෙය බොහෝ දුරට Apple iPhone 13 device එක නිකුත් කිරීමට පෙර, එනම් සැප්තැම්බර් 13 වන දින නිකුත් වනු ඇති බවටයි. කෙසේ නමුත් මේ device එක ඔක්තෝම්බර් මස 28 වන දින Google සමාගම නිකුත් කරන බවට නවතම වාර්තා මඟින් පෙන්වා දෙයි.

Phone Arena සමාගම විසින් පළ කළ මෙම twitter සටහන retweet කරමින් google හි සේවය කරන Jon Prosser විසින් සඳහන් කලේ මෙය නැවත පරීක්ෂා කර නිල තොරතුරක් පළ කරන ලෙසයි.

Jon Prosser ගේ විශ්වාසවන්ත මූලාශ්‍ර කිහිපයක් සමඟ සම්බන්ධ වීමෙන් පසු, Pixel 6 device එක සැප්තැම්බර් 13 දා නිකුත් නොකරන බව සොයා ගත්තේය. තවද, ඔහු විසින් ප්‍රකාශ කරනා ආකාරයට අනුව අනුව Apple සමාගමේ Launching Event එකකට පෙර දිනයකදී ම සමාගමක් වශයෙන් හොඳ අදහසක් නොවන බවයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් Google සමාගම විසින් Pixel 6 Device එක ඔක්තෝබර්  19 වන දින සිට පෙර ඇණවුම් භාර ගන්නා බව පෙන්වා දෙයි. තවද මෙය ඔක්තෝම්බර් 28 වන දින සිට මිලදී ගැනීමට ද හැකි බව ඔහු පෙන්වා දෙයි.

Google සමාගම විසින් පවත්වන #MadeByGoogle Event එක සඳහා නිශ්චිත දිනයක් තවම ප්‍රකාශයට පත් කළ නොමැති නමුත් මේ වාර්තා මඟින් පෙනී යන්නේ මෙය ඔක්තෝම්බර් 28 වන වන දිනම බොහෝ වශයෙන් නිකුත් කිරීමට ඉඩ ඇති බවයි.

එසේනම් Google Pixel Device එකේ තවත් තොරතුරු සමඟින් හමුවෙමු. සුභ දවසක්!

Sources: GizmoChina, Front Page Tech