Loading...
Google Pixel 6 Pro ජංගම දුරකතනයේ සජීවී දර්ශන අන්තර්ජාලයට නිකුත් වේ

දැවැන්ත තාක්ශණික සමාගම් වල Leak කර ගැනීම් දැන් පුදුම වෙන්න කාරණාවල් නෙමෙයි. මොකද මේවා හිතලම කරගන්න Leaks වගේ පෙනෙන ඒවා නිසා.

Google Pixel 6 Pro දුරකථනයෙහි Live Shot එකක් (සජීවී දර්ශනයක්) අන්තර්ජාලය හරහා Leak වී ඇති අතර, ඉදිරියේදී පැමිණීමට නියමිත මෙම ජංගම දුරකථනයේ සිත් ඇදගන්නාසුළු මෝස්තරය පිළිබඳ අවබෝධයක් ලබා දෙයි. අගෝස්තු මාසයේදී, Google සමාගම විසින් බොහෝ දෙනා බලා සිටි Pixel 5 Mid-range දුරකථනය එළිදැක්වීමට සැලසුම් කර ඇති අතර, Pixel 6 සහ Pixel 6 pro ඔක්තෝම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරේ.

ඉහත Live Shot එක මඟින් ඉදිරියේදි එන Pixel 6 Pro උපාංගයේ ඉදිරිපස මෙන්ම පසුපස සැලසුම ද හෙළි කරයි. මෙම Design එකෙන් පැමිණෙන Pixel 6 සහ Pixel 6 Pro දුරකථන තරමක් සිත්ගන්නාසුළු හා අද්විතීය වනු ඇති බවට අපගේ මතයයි.

Google Pixel 6 Series එකේ SmartPhones වලට විශේෂිත ප්‍රොසෙසරයක් අඩංගු කරනු ඇතැයි අපේක්ශා කෙරේ. මෙවර Google සමාගම විසින් තම දුරකථනවල කැමරා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇත. Google Pixel 6 සහ Pixel 6 Pro වලට වඩාත් ආකර්ශණීය ඡායාරූප ලබා ගත හැකි වන ලෙස Google සමාගම විසින් ඒ සඳහා විශේෂ Chip එකක් භාවිතා කර කැමරාවේ රූප සැකසීමේ හැකියාවන් සකස් කරනු ඇතැයිද වාර්තා වේ.

Curved edges සමඟ එන punch-hole display එකක් මෙයට අඩංගු වන බව අපට ඉහත Live Shot එක මඟින් දිස් වේ. අතිශය සිහින් Bezels තිබීම නිසා ඉදිරිපස පැත්ත ඉතාමත් සිත් ඇදගන්නා සුළුය. Physical fingerprint scanner ඇති බවක් නම් මෙහි දිස් වන්නේ නැත. ඒකෙන් අපිට හිතන්න පුලුවන් ඒ වෙනුවට Pixel 6 Pro දුරකතනයට In-Screen Fingerprint Sensor එකක් ඇතුළත් වෙන්න පුලුවන් කියලා.

එම දුරකථනයට Triple කැමරාවක් සහ LED Flash එකක් ඇති බව පෙනේ. කැමරාවේ හැඩය සෘජුකෝණාස්‍රාකාර බැවින් එයට Periscope Zoom Lens එකක් තැබීමේ හැකියාවක් ඇත.

Google Pixel 6 Pro දුරකථනයට පැමිණේ යැයි අනුමාන කරන Specs

Pixel 6 දුරකථනයට අඟල් 6.4 ක AMOLED Display එකක් අඩංගු විය හැකි අතර Pixel 6 Series එකේ මෙම උපාංග දෙකටම Google ලගෙ කැමැත්ත අනුව Chipset අඩංගු කරනු ඇත. දුරකථනයට 50MP House-Wide සහ පිටුපස 12MP Ultra-Wide Sensors ඇත. ඉදිරිපස 8MP කැමරාවක් ඇතුළත් වේ.

මෙයට 4614mAh බැටරියක් අඩංගු වනු ඇති අතර එයට 8GB RAM එකක් සහ 128GB Storage එකක් දක්වා ලබා දෙනු ඇත. තවද, එයට Android 12 මෙහෙයුම් පද්ධතිය ලබා දෙනු ඇත. Pixel 6 Pro එකට අඟල් 6.71 ක Plastic OLED Display අඩංගු වන බව සඳහන් වේ. පසුපසට 50MP wide, 48MP Tele සහ 12MP Ultra-Wide Lens අඩංගු වනු ඇත. එය ඉදිරිපස 12MP Cam එකක් සමඟ පැමිණෙනු ඇත.

Pixel 6 Pro 5000mAh Battery එකක් සමඟ පැමිණෙනු ඇත. එයට 12GB RAM අඩංගු වන අතර 128GB, 256GB සහ 512GB දක්වා Storages වලින් ලබා ගත හැකිය. Device එකට Android 12 මෙහෙයුම් පද්ධතිය ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසෙනවා.

Source:- Gizchina, Gizmodo, The Forbes