Loading...
OnePlus 8T ජංගම දුරකතනයේ design එක OnePlus සමාගම විසින් වීඩියෝවක් මගින් හෙලි කරයි

OnePlus සමාගමේ මිලග T Version Smartphone එක නැතිනම් OnePlus 8T Smartphone එක නිකුත් කිරිමට ඇත්තේ තව දින කිහිපයක්. ඒ කියන්නේ ඔක්තෝබර් 14 වන දින ඔවුන් OnePlus T Series එකේ නවතම Smartphone එක එළිදැක්වීමට සුදානමින් සිටිනවා.

ඔබට මතක ඇති අපි මිට පෙර මේ OnePlus 8T Smartphone එකේ Specs කිහිපයක් පිළිබඳව, Charging Speed එක පිළිබඳව වගේම Camera Setup එක පිළිබඳවත් ලිපි කිහිපයක් ගෙන ආවා.

මිට පෙර ලැබුණු Leaksවලට අනුව OnePlus 8T Design එක OnePlus 8 Series එකේ Design එකෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන බවට ඉගිපල කෙරැණා. මේ වන විට OnePlus සමාගම විසින්ම 8T Device එකේ Design එක ගැන Videoවක් නිකුත් කර තිබෙනවා.

මෙහි දැකිය හැකි ප්‍රධානතම වෙනස්කම ලෙස Main Camera Setup එකේ Placement එක දැක්විය හැකියි. 8T Device එකේදි Main Camera Setup එක වම් ඉහල කෙලවරේ ස්ථානගත කර තිබෙනවා. ඒ වගේම මේ Camera Setup එකේ Design එක Samsung S20 Series එකේ Main Camera Setup Design එකට සමානකම් දක්වනවා. ඒ වගේම මේ Device එකත් සමග ඔවුන් Ultramarine Green Color එකත් හදුන්වා දි තිබෙනවා.

OnePlus 8T ඔක්තෝබර් 14වන දින එළිදැක්වීමට නියමිත අතරම මේ Device එක 65W Fast Charging, New Camera Sensor , 120Hz Flat Display හා තවත් සුපිරි Features කිහිපයක් සමග නිකුත් විමට නියමිතයි.

Sources : 9to5google