ලොව පුරා විශාල ව්‍යාපාර ප්‍රමාණයක් මෙන්ම සමාගම රාශියක් පවතිනවා. ඒ අතුරින් ලොව පුරාම ප්‍රචලිත ඉතාමත් ඉහල නාමයක් දරන සමාගම්ද විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා කෙතරම් ප්‍රචලිතද යනවා නම් එම ව්‍යාපාර වල ලාංචන, එහෙමත් නැත්තත් Logo එකක කුඩා කොටසක් වුවද දුරු සැනින් එය කුමන සමාගමේ ලාංචනයක්දැයි යන්න ක්ෂණයකින් හදුනා ගැනීමට තරම් එම සමාගම් ප්‍රචලිතයි.
අපි අද කතා කරන්න යන්නෙ ලොව පුරා ප්‍රචලිත සමාගම සහ එම සමාගම් විසින් සපයන ඇතැම් සේවාවන් වල ලාංචනයන් වල ඇති සැඟවුණු අර්ථයන්.ය
Beats
Dr. Dre ගේ Beats Company එකේ logo එක ඉතාමත් සරල ලෝගෝ එකකි. එහි වෙළඳ නාමයෙන් පසුව 'b' අක්ෂරය රවුමක් ඇතුලත ඇතුලත් කර ඇත. කෙසේ වෙතත්, මෙයින් නිරූපනය වන්නේ b අක්ෂරයම පමණක් නොවේ. එහි ඇති වෘත්තය විසින් මිනිසෙකුගේ හිස නිරූපණය කරන අතර, 'b' අක්ෂරය විසින් beats හෙඩ්ෆෝන් එක නියෝජනය කරයි. මෙය හරහා පුද්ගලයෙකු විසින් හෙඩ්ෆෝනයක් පැලඳ සිටින ආකාරය නිරූපණය කරනු ලබයි.
Cisco
අන්තර්ජාලය සඳහා "ජාලකරණයේ" ලොව පුරා ප්‍රමුඛයා වන සිස්කෝ සමාගම ඔවුන්ගේ ප්‍රධාන මූලස්ථානය සැන් ෆ්රැන්සිස්කෝහි පිහිටීම අනුව නම් කර ඇත. එහි නමට සැඟවුණු අර්ථයක් නොමැති අතර, logo එකට ඉහළින් ඇති නිල් පැහැති රේඛා විසින් විද්‍යුත් චුම්බකයක් මෙන්ම ඇමරිකාවේ ඵිටි Golden Gate පාලම ද නියෝජනය කරනු ලබනවා.
Amazon
මේ වන විට ලොව පුරා Online shopping ක්‍රමය බහුලව භාවිතා වන අතර එය ඉතාමත් ප්‍රසිද්ධ ක්‍රමයක්ද වනවා, මෙම online shopping ක්‍රමවේදයේ ඉහළම නාමයක් දිනා සිටින Amazon සමාගමේ ලාංඡනය ඔවුන්ගේ ව්‍යාපාරය පිළිබඳව මැනැවින් ගෙන හැර පානු ලබනවා. ඔබ හොදින් විමසූවොත් ඔබට Amazon සමාගමේ logo එකේ A අක්ෂරයේ සිට Z අක්ෂරය දක්වා ඊතලයක් විසින් යා කර තිබෙනු නැරඹිය හැකිය. එයින් නිරූපණය වන්නේ Amazon තුල ඕනෑම ආකාරයේ භාණ්ඩයක් මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි. එමෙන්ම එම ඊතලය සිනහවක් ආකාරයට දක්වා තිබීමෙන් නිරූපණය වන්නේ, Amazon සමාගමේ පාරිභෝගිකයන් ගණුදෙනු වලින් තෘප්තියට පත්වන බවයි.
Picasa
Picasa යන Google සමාගම විසින් පරිගණකයේ ඇති චායාරුප මැනැවින් කළමනාකරණය කිරීමට සහ editing කිරීමට හඳුන්වා දුන් සේවාවකි. මෙහි ලාංඡනය ඉතාමත් සිත්ගන්නා සුළු එකක් වන අතර මුලින්ම බැලූ බැල්මට එය සරල කැමරා ෂටරයක් මෙන් පෙනුනත් එහි කැමරා ෂටය මෙන්ම එහි මැද ඇති හිස් කොටසින් නිවහනක් දකින්නට ලැබෙනවා. මෙහි අරුත වන්නේ Picasa යනු එය භාවිතා කරන්නන්ගේ සියළු ඡායාරූප සඳහා නිවසක් වන බවයි. ස්පාඤ්ඤ භාෂාවෙන් Casa යන්නෙන් අදහස් වන්නේද නිවසයි.
LG
LG සමාගම ලොව පුරා මිනිසුන් අතර පිළිගැනීමට ලක්ව ඇති සමාගමක් වන අතර මෑතකදී ඔවුන් විසින් ඔවුන්ගේ ජංගම දුරකතන වෙළදාම නවත්වනු ලැබුවා. LG සමාගමේ ලාංඡනය හරහා බොහෝ අය එහි ඇති 'L' සහ 'G' යන අක්ෂර පමණක් හදුනා ගනු ලබනවා. නමුත් මෙම 'L' සහ 'G' අක්ෂර විසින් මානව මුහුණක් නිර්මාණය කරනු ලබනවා. L මඟින් මුහුණේ නාසය නිරූපණය වන අතර G අක්ෂරය මගින් මුහුණේ ඉතිරි කොටස සෑදෙයි.
FedEx
FedEx යනු ලොව ඉතා ජනප්‍රිය Shipping සමාගමක් වන අතර, FedEx සමාගමේ ලාංඡනය වොඋන්ගේ ට්‍රක් රථ සහ ගුවන් යානා මත අලවා ඇත. 'E' සහ 'X' අතර හිස් කොටසේ සැඟවී ඇති ඊතලය ඔබ කවදා හෝ දැක තිබේද? ඔබ ඔවුන්ගේ ලාංඡනය දෙස හොදින් බැලුවොත් ඔබට එය නිරීක්ෂණය කල හැකියි. ඒ ඊතලය විසින් නිරූපණය කරනු ලබන්නෙ FedEx සමාගම විසින් ලබා දෙන සේවාවේ ඇති වේගවත් බවයි.
Audi
සැඟවුණු අර්ථයක් සහිත Logo එකක් ඇති මෝටර් රථ සමාගමක් වන්නේ Audi සමාගමයි. Audi සමාගමේ ලාංඡ්නයේ ඇති වළලු හතර මඟින් නිරූපණය වන්නේ Audi සමාගම නිර්මාණය කිරීම සඳහා එකට එකතු වූ සමාගම් වන Audi, DKW, Wanderer සහ Horch යන සමාගම් 4යි.