Loading...
අන්තර්ජාලයේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන StopNCII.org

ඩිජිටල් මාධ්‍ය නැතිවම බැරි යුගයක් ජිවත් වන අප අපගේ පෞද්ගලිකත්වය මේ සමාජ මාධ්‍යයන් තුළින් වෙන් කර තබා ගැනීම අත්‍යවශය වනවා. වර්තමානය වන විට නිරුවත් ඡායාරුප සහ විඩියෝපට අන්තර්ජාලයට සහ සමාජ මාධ්‍යයන් සඳහා අනවසරයෙන් නිකුත් වීම නිසා කාන්තාවන්, පිරිමින් මෙන්ම කුඩා ළමුන් ද විශාල ලෙස පිඩාවන්ට පත් වීමේ සිදු විම් බහුලව වාර්තා වනවා.

මෙවැනි ගැටලුවලට යම් විසදුමක් ලබා දීමට 2021 වසරේදී පමණ South West Grid for Learning ආයතනය විසින් Meta සමාගමේ සහායත් සමඟ StopNCII.org ආරම්භ කරනු ලැබුවා. මෙය ලොව පළමු වැනි, අන්තර්ජාලය තුළ අනවසරයෙන් හුවමාරු වන ලිංගික හෝ නිරුවත් රූප හෝ විඩියෝ ආදිය ඉවත් කිරීම සඳහා වන සංවිධානයක් ලෙස හඳුන්වා දෙන්න පුලුවන්.

මේ ඔස්සේ ලිංගික හෝ නිරුවත් රූප හෝ විඩියෝ ආදිය අන්තර්ජාලය තුළට එක්වී තිබේ නම් හෝ එක් වේ යැයි අවධානමක් පවතී නම් ඒවා ඉවත් කිරීමේ හැකියාව ලැබෙනවා. මෙහිදී එම ජායාරුප හෝ විඩියෝ මෙම වෙබ් අඩවියට එක් කළ පසු එහි Digital Fingerprint එකක් නිර්මාණය වී ඒ ඔස්සේ එම ඡායාරුප හෝ විඩියෝ අන්තර්ජාලය තුළ තිබේ නම් ඒවා ඉවත් කිරීම සිදු වනවා.

මෙහිදී ඔබ මෙම වෙබ් අඩවියට Upload කරන කිසිවක් ඔවුන් Store කර ගනු නොමැති අතර ඒ වෙනුවට ඒවාට අදාලව Digital Fingerprint එකක් නිර්මාණය කර ඒ ඔස්සේ ඒ පිළිබඳව සොයා බැලීම සිදු කරනවා. මේ නිසා එම ඡායාරුප හෝ විඩියෝ පට වෙනත් පාර්ශවයක් අතට පත් වීමත් සිදු වන්නේ නැ.

කෙසේ වෙතත් මේ ලෙස අන්තර්ජාලය තුළින් ඉවත් කළ හැකි වන්නේ මේ සමඟ එකතු වී ඇති Social Media Platforms (Facebook, Instagram, Threads, TikTok, Snap Inc, Yubo), Adult Content (Aylo (Pornhub and related sites), OnlyFans, PlayHouse, REDGIFS, F2F), Bitlyවලින් පමණක් වන අතර ඔවුන් සමඟ ඒවාට අදාල Digital Fingerprint එක හුවමාරු කරගෙන ඒවා හඳුනාගෙන ඉවත් කිරීම සිදු වනවා.

2018දී Meta හි NCII Pilot වැඩසටහනක් ආරම්භ වුණු අතර එහිදි මේ Digital Fingerprint කිරීමේ තාක්ෂණය භාවිතා කරලා මෙවැනි රුප සහ විඩියෝ ඉවත් කිරීමට පටන් ගත්තා. 2021දී මේ තාක්ෂණය ගෝලීයව යොදා ගන්න StopNCII.org එක බිහි වු අතර 2023 වෙද්දී මේ ඔස්සේ 182,000කට වඩා සිදුවීම් ප්‍රමාණවක් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම මෙය World Summit on the Information Society (WSIS) Prize 2025 සඳහා shortlist වුණා.

StopNCII.org භාවිතා කරන්නේ කොහොමද?

StopNCII වෙබ් අඩවියට ගොස් වලට ගිහින් "Create Case" ඔස්සේ ඔබට අවශ්‍ය රුප හෝ විඩියෝ ඇතුළත් කර ඒවා අන්තර්ජාය තුළ පල වී ඇත්නම් හෝ ඉදිරියේදී පළ වුවහොත් ඉවත් කර ගැනීමේ හැකියාව තිබෙනවා.

මේ සඳහා ලබා දෙන Case number එක සහ PIN එක භාවිතා කරලා එහි වර්තමාන තත්වය දැන ගත හැකියි.

ඒ වගේම, StopNCII.org එක ලෝකයේ NGO 50කට වැඩි ප්‍රමාණයක් සමඟ එකතු වී වැඩ කරනු ලබන අතර ශ්‍රී ලංකාවේ Sarvodaya Fusion ආයතනයත් මේ එක්ක එකතු වි කටයුතු කරනවා.