Loading...
Mi, Redmi සහ POCO මාදිලියේ ජංගම දුරකතනයක් මිලදී ගන්න යන අයට නිවැරදිව ජංගම දුරකතනය තෝරා ගන්න පොඩි tip එකක්

මේ වෙද්දි ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා වගේ ගෙවන මුදලට වඩා හොද Specification ලබා දෙන Xiaomi Smart Phone එකක් මිලදි ගන්න නැඹුරු වෙමින් සිටිනවා. ඉතින් Xiaomi සමාගමේ Midrange Smart Phone එකක් හරි Flagship Killer (Affordable Flagship ) Smart Phone එකක් හරි මිලදි ගන්න බලාපොරොත්තු ඔයාට වැදගත් වෙන කරැණු කිහිපයක් ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ලිපියෙන් කතා කරන කරැණු Xiaomi Entry Level Smart Phones හා Xiaomi Flagship Smart Phones වලට ලොකුවට අදාලත්වයක් නෑ.

Xiaomi සමාගම ගැන මෙන්ම අපිත් එක්ක ඉන්න ඔයාලත් මේ වෙන විට දන්න ප්‍රසිද්ධ කරැණක් තමයි ඔවුන් විසින්ලා මේ වෙන විට Market එකට Devices Release කරන වේගේ වැඩි කරලා තියෙන බව. සාමාන්‍යයෙන් වෙනදාට වසරකට Devices 5ක් හෝ 6ක් නිකුත් කරපු Xiaomi සමාගම මේ වෙන විට වසරකට Devices 20ක් - 30ක් නිකුත් කරනු ලබනවා. මේකට ප්‍රධානතම හේතුව මේ වෙන විට Global Market එක තුල Xiaomi සමාගම සදහා ප්‍රධාන ස්ථානයක් හිමි වි තිබිම. ඔබට මතක ඇතිනේ Xiaomi සමාගම පසුගිය දිනක ලොව විශාලතම Smart Phone නිෂ්පාදකයා බවට පත් වුණා.

හැබැයි මෙහෙම එක් වසරක් තුල Devices විශාල ප්‍රමාණයක් නිකුත් කිරිම තුල Xiaomi Devices සදහා ලබා දෙන MIUI Software එක ඒ ඒ Devices හැම එකකටම වෙන වෙනම Optimize කරන්න ඔවුන්ට සිද්ධ වෙනවා. නමුත් එහෙම ඉතා ඉක්මනින් Optimize විමක් සිදු වෙන්නේ නැ. සරලවම කියනව නම් Xiaomi සමාගම Devices නිකුත් කරන වේගයෙන් එයාලට MIUI Optimize කරන්න නොහැකි වෙලා තියෙනවා. ඒ නිසා අලුතෙන් නිකුත් වෙන වගේම මේ වෙන විට වෙළෙඳපොලට නිකුත් වෙලා අපි භාවිත කරන Xiaomi Devices වලත් Bugs වැඩි වෙලා තියෙනවා.

හැබැයි Xiaomi සමාගම විසින් චීනය සදහා නිකුත් කරන Devices වලට නිකුත් කරලා සාමාන්‍යයෙන් මාස දෙකක් වගේ ඇතුලත Stable Update 05-06ක් වගේ ලබා දිලා UI එකේ Bugs සැහෙන ප්‍රමාණයක් ඉවත් කරල හොද UI Experience එකක් පාරිභෝගිකයාට ලබා දෙන්න කටයුතු කරනවා. ඒකට හේතුව චීනය සදහා නිකුත් වෙන Devices සදහා හොද UI Testing Method එකක් එයාලා අනුගමනය කරනවා. ඒ අනුව Closed beta, Open beta හා Stable beta විදිහට Beta Update ලබා දිම මගින් හොදටම පරික්ෂා කරලා Bugs අවම Update එකක් තමයි Stable Update එකක් විදිහට ලබා දෙන්න කටයුතු කරන්නේ.

ඒ වගේම Xiaomi සමාගම චීනය සදහා නිකුත් කරන Device එකම Global Market එක සදහාත් නිකුත් කරන අවස්ථා තියෙනවා. එහෙම නිකුත් වෙන Devices වලටත් Stable Update 02-03ක් ලබා දිලා Devices එකේ Bugs ඉවත් කරලා හොද Smooth UI Experience එකක් ලබා දෙන්න කටයුතු කරනවා.

හැබැයි අපි උඩ කතා කරපු MIUI Optimize වෙන්නේ නැති ⁣ගැටලුව අපිට හොදට දැනෙන්නේ අපි Global Market එකට විතරක් නිකුත් වෙන POCO X3 NFC, POCO X3 Pro, Redmi Note 10 Pro, Redmi Note 9 Pro වගේ Devices වලින්. Xiaomi සමාගම විසින් Global Market එකට විතරක් නිකුත් කරන Devices එකකටවත් MIUI Optimize කරන්න කිසිම Testing Method එකක් තවමත් හදුන්වා දිලා නැ.

සාමාන්‍යයෙන් මේ වෙන වි⁣ට වෙන්නේ Xiaomi සමාගමට දැනෙන Bugs Fix කරලා Stable Update එකක් ලබා දීමයි. නමුත් ඒ Update එක Test කරලා බලන්න කවුරැත් නැ. කෙලින්ම ඒ Stable Update එක Usersලා සදහා ලබා දෙනවා. එතකොට තියෙන Bugs ටිකත් එක්කම තමයි ඒ Update එක ලැබෙන්නේ.

මේ කරැණුත් එක්ක ලිපිය කියනව ඔයාටම තේරෙන දෙයක් තමයි Xiaomi සමාගම ඔවුන්ගේ Global Market එකට නිකුත් කරන Devices වල MIUI Optimize ගැන වැඩිදුර සලකා බලන්නේ නැ කියල එක. ඉතින් ඔයා Xiaomi සමාගමේ Midrange හරි Flagship Killer Smart Phone එකක් මිලදි ගන්න බලාපොරොත්තු වෙනවා නම්, ඒ වගේම ඔයාට හොද MIUI Experience එකක් ගන්න නම් ඔයාට චීනය සදහා නිකුත් වුණ Device එකක් මිලදි ගන්න අපිට යෝජනා කරන්න පුලුවන්.

ඒ කියන්නේ ඔයා මිලදි ගන්න බලාපොරොත්තු වෙන Smart Phone එක චීනය සදහාත් නිකුත් කරල තියෙනවද කියල පොඩ්ඩක් හොයල බලන්න. එහෙම නිකුත් වෙච්ච Device එකක් නම් ඔයාට Smooth වගේහ Stable UI Experience එකක් ඔයාගේ Xiaomi Device එකෙන් ලබා ගන්න පුලුවන් වෙයි.

ඒ වගේම කියන්න ඕන වැදගත් කරැණක් තමයි Xiaomi සමාගම Global Market එක සදහා නිකුත් කරන Devices සදහාත් මේ වෙන විට Stable Beta Update එකක් මගින් MIUI Test කරන්න අවස්ථාව ලබා දිලා තිබෙනවා. නමුත් මේක තාමත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැ. මේ නිසා තමයි මේ වෙන විට Xiaomi Devices වලට Buggy Update වගේ ඒවා ලැබෙන්නේ. මේ Stable Beta Channel එක ඉදිරියේදී හරියට ක්‍රියාත්මක වුනොත් අපිට හොද MIUI Experience එකක් ලබා ගන්න හැකියාව ලැබේවි.