Loading...
ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය නරඹන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පූර්ණ ක්‍රිකට් තරඟාවලියක් එළඹෙන මාර්තු 09 වනදා සිට අප්‍රේල් 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම තරගාවලිය Test තරග 02කින්, ODI තරග 03කින් සහ T20 තරග 03කින් සමන්විත වනවා.

Test තරඟ කාලසටහන

  1. පළමු තරගය - මාර්තු 09 සිට 13වනදා දක්වා සෑම දිනකම මෙරට වේලාවෙන් උදෑසන 03:30ට Christchurch හි Hagley Oval ක්‍රීඩාංගනයේදී
  2. දෙවන තරගය - මාර්තු 17 සිට 21වනදා දක්වා සෑම දිනකම මෙරට වේලාවෙන් උදෑසන 03:30ට Wellington හි Basin Reserve ක්‍රීඩාංගනයේදී

ODI තරග කාල සටහන

  1. පළමු තරගය - මාර්තු 25 මෙරට වේලාවෙන් උදෑසන 06:30ට Aukland හි Eden Park ක්‍රීඩාංගනයේදී
  2. දෙවන තරගය - මාර්තු 28 මෙරට වේලාවෙන් උදෑසන 06:30ට Christchurch හි Hagley Oval ක්‍රීඩාංගනයේදී
  3. තෙවන තරගය - මාර්තු 31 මෙරට වේලාවෙන් උදෑසන 06:30ට Hamilton හි Seddon Park ක්‍රීඩාංගනයේදී

T20 තරග කාල සටහන

  1. පළමු තරගය - අප්‍රේල් 2 මෙරට වේලාවෙන් උදෑසන 05:30ට Aukland හි Eden Park ක්‍රීඩාංගනයේදී
  2. දෙවන තරගය - අප්‍රේල් 5 මෙරට වේලාවෙන් උදෑසන 05:30ට Dunedin හි University Oval ක්‍රීඩාංගනයේදී
  3. තෙවන තරගය - අප්‍රේල් 8 මෙරට වේලාවෙන් උදෑසන 05:30ට Queenstown හි John Davies Oval ක්‍රීඩාංගනයේදී
Source - Supreme TV Facebook Page

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම නවසීලන්ත තරග සංචාරයේ නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය ලබා ගැනීමට Supreme TV නාලිකාව සමත් වී තිබෙන අතර Dialog TV හා PEO TV පාරිභෝගිකයන් සදහා ද නැරඹිය හැකි පරිදි Satellite/IP TV විකාශන අයිතියද ලබා ගැනීමට Supreme TV නාලිකාව සමත් වී තිබෙනවා.

ඒ අනුව UHF 47, Peo TV නාලිකා අංක 140 සහ Freesat නාලිකා අංක 17 ඔස්සේ ඔබට Supreme TV නැරඹිය හැකියි.

තවද Dialog TV පාරිභෝගිකයන් හට නාලිකා අංක (01) CHANNEL ONE ඔස්සේ නැරඹිය හැකියි.

මීට අමතරව Dialog ViU හරහාත් PeoTv Go හරහාත් Sporty.lk YouTube නාලිකාව හරහාත් තරගාවලිය Online නැරඹිමේ හැකියාව උදා වෙනවා.