Loading...
පවතින වෙළඳ සම්බාධක මත වුවද තමන්ගේ පාරිභෝගිකයන්ගේ ජංගම දුරකථන වෙත updates ලබා දිය හැකි ආකාරය Huawei සමාගම විසින් පහදයි

එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව විසින් Huawei සමාගම වෙත තම වෙලඳ සහකරුවන් සහ පාරිභෝගිකයන් සමඟ කටයුතු කිරීම පහසු කිරීමට සහ Huawei සමාගම විසින් නිෂ්පාදිත උපාංග වලින් වෙනත් ඒවාට මාරු වීමට සහනකාලයක් ලබා දෙමින් නිකුත් කල දින 90ක තාවකාලික වෙලඳ බලපත්‍රය කල් ඉකුත් වීමත් සමඟම ක්ෂේත්‍රයේ බොහොමයක් මත පල වූයේ Huawei සමාගමට ඉදිරියේදී Android updates ලබාදීමට ඇති ඉඩ ඇහිරෙන බවත්, ඒ සඳහා ඔවුන්ට Android Open source project එක භාවිතා කිරීමට සිදු වන බවත්‍ ය.

මෙම තත්වය පිළිබඳව අති වන නීතිමය බාධා පිලිබඳ ඇගයීමක් කල Huawei සමාගම ප්‍රකාශ කර සිටින්නේ මෙම තාවකාලික බලපත්‍රය කල් ඉකුත් වී අහෝසි වීමෙන් ඔවුන් විසින් දැනට නිකුත් කර ඇති ජංගම දුරකථන සඳහා app updates ලබාදීම අවහිර නොවන බවයි. එබැවින් මේවන විටත් Google Play pre-installed කරන ලද ජංගම දුරකථන වලට Google apps සඳහා වන app updates ලැබෙන බවත්, Huawei Mobile Services රැගත් ජංගම දුරකථන වලටත් updates ලැබෙන බව ඔවුන් විසින් තහවුරු කර ඇත.

එහිදී ඔවුන් විසින් Security patch updates සහ firmware updates සඳහා ඔවුන් භාවිතාකරන්නේ Android Open source program හෙවත් AOSP බව ව්‍යංගයෙන් ප්‍රකාශ කර ඇත්තේ පහත ආකාරයටයි.

“Our customers can keep receiving software updates and services thanks to the strength of the open-source community and our own advanced R&D capabilities,” Said Huawei.

එමෙන්ම Google Play ඇතුලත් වන ජංගම දුරකථන වලට අඛණ්ඩව App updates ලැබෙන බවත්, ඒ සඳහා Google Play වෙතින් අවහිරතාවයක් ඇති නොවන බවත්, Google Play ඇතුලත් නොවන දුරකථන වලට අළුත් Apps සහ දැනට install කර ඇති apps සඳහා updates, Huawei AppGallery හරහා ලබා ගත හැකි බවත් Huawei සමාගම විසින් ප්‍රකාශ කර තිබෙනවා.

“For phones with Google Play installed out-of-the-box, all apps downloaded from Google Play and other Google apps will continue receiving updates. For phones that do not come with Google Play, new apps and updates can be managed through the pre-installed HUAWEI AppGallery,”

මෙය තහවුරු කරමින් Huawei ආයතනය විසින් Google Mobile Services ඇතුලත් නොවන, Huawei Mobile Services පමණක් ඇතුලත් වන යුරෝපා කලාපයේ ඇති Huawei P40 series එක වෙත 2020 අගෝස්තු Android security patch එක නිකුත් කර ඇත.

මීට අමතරව Huawei සමාගම තම Twitter ගිණුම ඔස්සේ තම පාරිභෝගිකයන්ට පිලිතුරු සපයමින් පවසා ඇත්තේ ඔවුන් ඉදිරි updates ලබාදෙන බවයි.

ඒ අනුව Google සමාගම විසින් ප්‍රකාශ කල ආකාරයට Huawei සමාගම විසින් ඉදිරියේදී AOSP භාවිතා කර අඛණ්ඩව තම පාරිභෝගිකයන්ට updates ලබා දීම සිදු කරනු ඇත.

Source: Huawei Central