Loading...
MediaTek Dimensity 720 භාවිතා කරමින් Enjoy 20 සහ Enjoy 20 Plus ලෙස ජංගම දුරකථන දෙකක් Huawei සමාගම විසින් ප්‍රකාශ කරයි

Huawei සමාගම විසින් Enjoy 20 Plus 5G සහ Enjoy 20 ලෙස නවතම mid-range වර්ගයේ ජංගම දුරකථන දෙකක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මෙහි දැක්වෙන Enjoy 20 Plus 5G ජංගම දුරකථනයෙහි පිටුපස පෙනුම Mate 30 Pro හි පිටුපස පෙනුමට සමාන වනවා. මීට අමතරව මෙම ජංගම දුරකථනයෙහි display එක 92%ක screen-to-body ratio එකකින් සමන්විත වනවා. Enjoy 20 දුරකථනයෙහි waterdrop notch එකක් ඇතුලත් වන අතර, iPhone 11 series එකට සමාන කැමරා සෙටප් එකකින් සමන්විත වනවා.

Huawei Enjoy 20 Plus 5G

මෙම ජංගම දුරකථනය 20:9 IPS LCD panel එකකින් යුක්තවන අතර එහි resolution එකක් 1080 x 2400px වනවා. මම display එකේ ප්‍රමාණය වන්නේ අඟල් 6.63ක් වන අතර මෙය 90Hz refreshing rate එකකට සමන්විත වන අතර 16MP f/2.0 popup front cameraවකින් සමන්විත වනවා.

මෙම ජංගම දුරකතනය සතුව ගිගා බයිට් 6ක සහ 8ක LPDDR4X RAM එකක් ලබාදීමට නියමිත අතර storage එක ලෙස සටහන් වන්නේ ගිගාබයිට් 128කි. මීට අමතරව මෙය Huaweiහි NMcard හරහා ගිගා බයිට් 256ක් දක්වා වැඩි කරගැනීමට හැකියාව ඇත. මෙහි ඇති සුවිශේෂීම කාරණාව වන්නේ මෙම ජංගම දුරකථනය Huawei සමාගමේ සුපුරුදු Kirin chip වලින් බැහැරව MediaTek Dimensity 720 මඟින් බලගැන්වීමයි.

Huawei announces Enjoy 20 Plus 5G and Enjoy 20 5G with Dimensity 720 SoC

මෙහි පසුපස කැමරාව f/1.8 aperture අගයකින් යුතු මෙගාපික්සල් 48 කැමරාවකින්ද, f/2.4 aperture අගයකින් යුතු මෙගාපික්සල් 8ක ultrawide කැමරාවකින්ද, f/2.4 aperture අගයකින් යුතු මෙගාපික්සල් 2ක macro කැමරාවකින්ද යුක්තවේ. 4,200mAhක අගයකින් යුතු බැටරියකින් බලගැන්වෙන මෙම ජංගම දුරකථනය 40W fast charging සඳහා සහය දක්වයි. Enjoy 20 Plus 5G Android 10 සංස්කරණය මත පදනම්ව නිර්මාණය වුනු EMUI 10.1 සමඟ ක්‍රියාතමක වේ.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ 3.5ම්ම් audio jack එකක් ඇතුලත් වන අතර ජංගම දුරකථනයේ පැත්තකින් fingerprint reader එකක් සමන්විත වීමයි. මෙය Black, Gradient Blue, Forest Green සහ Pink යන වර්ණ වලින් වෙළඳපලට නිකුත් වීමට නියමිත අතර මෙහි මිල ‍යුආන් 2,229 සිට ඉහලට මිල නියම වීමට නියමිතයි.

Huawei Enjoy 20 5G

මෙම ජංගම දුරකථනය IPS LCD panel එකකින් යුක්තවන අතර එහි resolution එකක් 720 x 1600px වනවා. මම display එකේ ප්‍රමාණය වන්නේ අඟල් 6.6ක් වන අතර මෙය 60Hz refreshing rate එකකට සමන්විත වේ.

මෙම ජංගම දුරකතනය සතුව ගිගා බයිට් 4ක සහ 6ක RAM එකක් ලබාදීමට නියමිත අතර storage එක ලෙස සටහන් වන්නේ ගිගාබයිට් 128කි. මීට අමතරව MicroSD card slot හරහා ගිගා බයිට් 512ක් දක්වා MicroSD card එකක් ඇතුලත් කර storage එක වැඩි කරගත හැකි.. මෙහි ඇති සුවිශේෂීම කාරණාව වන්නේ මෙම ජංගම දුරකථනය Huawei සමාගමේ සුපුරුදු Kirin chip වලින් බැහැරව MediaTek Diemnsity 720 මඟින් බලගැන්වීමයි.

Huawei announces Enjoy 20 Plus 5G and Enjoy 20 5G with Dimensity 720 SoC

මෙහි පසුපස කැමරාව f/1.8 aperture අගයකින් යුතු මෙගාපික්සල් 13 කැමරාවකින්ද, f/2.2 aperture අගයකින් යුතු මෙගාපික්සල් 5ක ultrawide කැමරාවකින්ද, සෙන්ටිමීටර 4ක දුරකක් සිට ඡායාරූප ලබා ගත හැකි මෙගාපික්සල් 2ක macro කැමරාවකින්ද යුක්තවේ. මෙහි front camera එක ලෙස යොදා ඇත්තේ f/2.0 aperture අගයකින් යුතු මෙගාපික්සල් 8ක කැමරාවකි.

5,000mAhක අගයකින් යුතු බැටරියකින් බලගැන්වෙන මෙම ජංගම දුරකථනය 10W charging සඳහා සහය දක්වන අතර fast charging සඳහා සහය දක්වන්නේ නැත. මෙමම් ජංගම දුරකථනයේද fingerprint reader එක ඇත්තේ පැත්තකිනි.

මෙය Black, Gold, Green සහ Pink යන වර්ණ වලින් වෙළඳපලට නිකුත් වීමට නියමිත අතර මෙහි මිල යුආන් 1,699 සිට ඉහලට මිල නියම වීමට නියමිතයි.

මෙමම් ජංගම දුරකථන දෙකම මේ වන විට pre-order සඳහා විවෘතව ඇති අතර වෙළඳපලට නිකුත් කිරීම සැප්තම්බර් 10 වන දින සිදුවේ. නමුත් මෙය ගෝලීය වශයෙන් නිකුත් කරන දිනයක් නම් සඳහන් වන්නේ නැත.