Loading...
වසරක් ඇතුලත Huawei AppGallery සඳහා යොමු වෙන apps ප්‍රමාණය දෙගුණයක් වීමත් සමඟ එය ලොව තුන්වන App Store එක බවට පත්වේ

Huawei සමාගමට Google Platforms භාවිතා කිරිමට නොහැකි නිසා ඔවුන් ඔවුන්ගේ Smart Phone සදහා අවශ්‍ය Apps ලබා දිමට Huawei App Gallery පහසුකම හදුන්වා දෙනු ලැබුවා. පසුගිය මාස 12 තුලදි එහි APP සංඛ්‍යාව වැඩි විම ආසන්න වශයෙන් දෙගුණයක් පමණ වි තිබෙනවා. ඒ අනුව මෙය මේ වන විට ලොව තුන්වනුවට විශාල App Store එක බවට පත් වි තිබෙනවා.

මේ වන විට App Galleryහි ලියාපදිංචි Developersලා මිලියන 2.3කට ආසන්න ප්‍රමාණයක් සිටින අතර එය පෙර වසරට සාපේක්ෂව 77% පමණ වැඩි විමක් ලෙස දක්වන්න පුළුවන්. ඒ වගේම App Galaxy එක සදහා ලොව පුරාම මසකට මිලියන 530ක පමණ Active Userලා ප්‍රමාණයක් සිටින අතර 2020 දි Apps බිලියන 384.4 පමණ Huawei Userලා හට ලබා දි තිබෙනවා. ඒය පසුගිය වසරට වඩා බිලියන 174ක පමණ විශාල වැඩි විමක් වෙනවා.

පසුගිය වසරට සාපේක්ෂව AppGalleryහි මේ වන විට පවතින Games ප්‍රමාණය 500% පමණ වැඩි වි තිබෙනවා. එමෙන්ම මේ වන විට AppGallery එක මගින් චීන Apps 10000කට අධික සංඛ්‍යාවක් ලොවපුරා මේ වන විට ප්‍රචලිතව පවතිනවා. මෙලෙස AppGallery එක හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වු Apps විදිහට Banggood, Pascal’s Wager, and Rise of Kingdoms: Lost Crusade ආදිය හදුන්වා දෙන්න පුළුවන්.

Huawei Consumer Business Group එකේ‌‌Director වෙන Zhang Zhe ( Global Partnerships & Eco-Development Business Development ) මහතා විසින් වැඩි දුරටත් පවසා තිබෙන්නේ 2019 අගභාගය වන විට ලොව පුරා රටවල් 25ක පමණ ප්‍රචලිතව පැවති AppGallery Store එක මේ වන විට යුරෝපය, ලතින් ඇමරිකාව, ආසියා පැසිෆික්, මැදපෙරදිග හා අප්‍රිකාව යන රටවල් සමග ලොව පුරා රටවල් 42කට වැඩි ප්‍රමාණයක් සාර්ථක වි ඇති බවයි.

එමෙන්ම වසරක් තුල HMS Core සමග සම්බන්ධ වු Apps සංඛ්‍යාව දෙගුණක් පමණ විමෙන් පෙනි යන්නේ Huawei Userලාට වර්තමානයේ මෙන්ම අනාගතයේද ඉතා හොද User Experience එකක් ලබා ගැනිමට මෙන්න ලබා දිමට හැකි වෙනු ඇති බවයි.

Source : Gizmochina