Loading...
EMUI 11 වලට වඩා HarmonyOS එකේ battery consumption එක අඩු බව වාර්තා වේ

පසුගිය දින කිහිපයේ සිට HarmonyOS 2.0 Beta Updates ලබාදීම සඳහා සුදුසු මෙන්ම ඊට ලියාපදිංචි වූ පරීක්ෂකයින්ට අදාළ Beta Updates නිකුත් කිරීම Huawei සමාගම විසින් තිබේ. එම ජංගම දුරකථන වන්නේ  Huawei Mate 40 series, Mate X2 Foldable phones සහ Huawei Smart Screen ය.

මේ වනවිට ශ්‍රී ලංකාව ඇතුලු ලොවපුරා සිටින Huawei පාරිභෝගිකයින් නොඉවසිලිමත්ව සිටින්නේ දිගු කාලයක් පුරා බලාසිටි HarmonyOS තම ජංගම දුරකථනයටත් ලබාගැනීමටය. එනම් Android + EMUI හි සිට නවතම HarmonyOS වෙත මාරුවීමටයි.

මෑතකදී නිකුත් වු වාර්තාවක දැක්වෙන්නේ HarmonyOS, EMUI 11 හා බෙහෙවින් සමාන බවයි. එමෙන්ම පෙනුම අනූව ඉතා සියුම් වෙනස්කම් ඇති බවද තවදුරටත් සඳහන් වේ.

මේ සම්බන්ධව මෑතකදී "Digital Chat Station" විසින් Weibo මාධ්‍ය වෙත HarmonyOS 2.0 Developer Beta 3 Run වන Huawei Mate X2 ජංගම දුරකථනයක Performance පිළිබඳ වාර්තාවක් නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ HarmonyOS Install කළ පසු Mate X2 හි Performance තවත් වැඩි වී ඇති බවයි.

HarmonyOS සමග "King of Glory සහ "Peace Elite" යන Games Play කළ පසු එම Games EMUI හි Play කරනවාට වඩා වැඩි වශයෙන් Perform කළ බවද වාර්තාවෙහි දැක්වේ. EMUI Skin එකට වඩා වැඩි Performance HarmonyOS හරහා ලබාදෙන අතර HarmonyOS හිදී බලය (Battery) පරිභෝජනය වන්නේද EMUI එකට වඩා අඩුවෙන්‍ ය.

තවදුරටත් Huawei සමාගම පැහැදිලි කර සිටින්නේ HarmonyOS - Android සඳහා නිර්මාණය නොවුවක් බවත් ios හි Copy එකක් නොවන බවත් ය. HarmonyOS යනු Micro-Kernel මත පදනම් වූ වෙනස්ම ආකාරයේ මෙහෙයුම් පද්ධතියක් බව Huawei සමාගම වැඩිදුරටත් ප්‍රකාෂ කර සිටී.

Source: Huawei Central