Loading...
Huawei සමාගම විසින් ලොව ප්‍රථමවතාවට තුන්වරක් නැමිය හැකි දුරකථනයක් එළිදක්වයි

Huawei සමාගම මීට පෙරද 2019 දී mate X, 2020 දී mate XS, 2021 දී mate X2 ලෙස foldable phones පෙළක් නිකුත් කරල තියෙනවා. Mate XT ultimate ලෙස ලොව ප්‍රථම වතාවට තුනට නැමිය හැක දුරකථනයක් Huawei සමාගම පසුගිය 10 වෙනිදා එළිදැක්වුවා. විශේෂම කාරණය වෙන්නෙ මේ phone එක ගැන නිවේදනය කර තිබෙන්නේ iPhone 16 release කරල පැය කිහිපයකට පසුවීමයි. ඒ වගේම දැනටමත් per-orders 3M ඉක්මවල තියෙනවා කියලත් වාර්තා වෙනවා.

අපි දැං Huawei XT ultimate phone එකේ specs ගැන බලමු.

Display

Foldable phone එකක විශේෂම දේ වෙන්නෙ Display එක. මේ phone එක නැමෙන්නෙ 'Z' හැඩයට. සාමාන්‍යය phones තුනක් combine කරාම එන look එකට සමානයි.

Three Fold phone එකක් නිසා ආකාර තුනකට phone එක බලාගන්න පුළුවන්. Normal එදිනෙදා පාවිච්චි කරන phone එකක් ලෙස,දෙකට නැමිය හැකි phone එකක් ලෙස සහ ටැබ්ලටයක් ලෙස ආකාර තුනකට phone එක තියන්න පුළුවන්. අඟල් 6.3 සහ 10.2 අතර වෙනසක් බලාගන්න පුළුවන් නවද්දි සහ නවන් නැතුව තියෙද්දි.

120Hz refresh rate එකක් එක්ක tri-foldable LTPO OLED display එකක් තමා තියෙන්නෙ. Main display එකේ resolution එක 2232 × 3184 pixels. දෙවෙනි display එකේ 1008×2232 pixel resolution එකකුත් තුන් වෙනි එකේ 2048×2232 pixel resolution එකකුත් බලාගන්න පුළුවන්. මේ දෙකෙත් 12Hz refresh rate එකක් තමා තියෙන්නෙ.

Chipset, Ram, Storage, OS

Kirin 9010 (7nm) chipset එකෙන් තමා Huawei XT ultimate phone එක බලගැන්වෙන්නෙ. CPU එක octa-core CPU එකක්. ඒවගේම Ram එක දැනට සදහන් වෙන්නෙ 16Gb විදිහට. Storages 256Gb, 512Gb, 1Tb විදිහට බලාගන්න පුළුවන්.Harmony OS 4.2 කියන operating system එක තමා මේකෙ තියෙන්නෙ.

Battery

අවශ්‍ය වෙලාවට Display තුනකට power එක දෙන්න පුළුවන් විදිහට Si/C 5600 mAh non-removable battery එකක් තමා මේකෙ තියෙන්නෙ. Wired විදිහට 66W නුත් Wireless විදිහට 50W නුත් phone එක charge කරන්න පුළුවන්.

Camera

Phone එකේ පිටුපසින් වම් පැත්තට බර වෙලා රවුම් හැඩැති bump එකක් ඇතුළෙ camera setup එක බලාගන්න පුළුවන්. 50MP wide cam එකකුත්, 12MP periscope telephoto cam එකකුත්, 12MP ultrawide cam එකකුත් බලාගන්න පුළුවන් මේකේ. 4K, 1080p වලින් video කරන්න පුළුවන්. Selfie cam එක 8MP. ඒකෙනුත් 4K වලින් video කරන්න පුළුවන්.

Sensor

සාමාන්‍යය flagship phone එක බලාගන්න පුළුවන් Fingerprint එක, Accelerometer එක, gyro එක, proximity එක, compass එක, barometer එක මේකෙත් තියෙනවා.

Bluetooth 5.2, Wi-fi 7 support. ඒවගේම dual sim support කරනවා.මේකෙ Red සහ Black කියල colors දෙකක් තියෙනවා. මිල සදහනෙ වෙම්මෙ $2,809 - $3,371 දක්වා පරාසයක. Storage එක සහ memory ඒක මත ඒක රදා පවතිනවා.සැප්තැම්බර් 20 ඉදං මේක මිලදී ගන්න globally release වෙනවා.

Source: Huawei