Huawei සමාගම විසින් Mate X2 සඳහා HarmonyOS update එක නිකුත් කර ඇතැයි නිල නොවන ආරංචි මාර්ග විසින් වාර්තාවේ

· 1 min read
Huawei සමාගම විසින් Mate X2 සඳහා HarmonyOS update එක නිකුත් කර ඇතැයි නිල නොවන ආරංචි මාර්ග විසින් වාර්තාවේ

Huawei සමාගම විසින් නිකුත් කරන ලද OTA updates හරහා මෑතකදී එළිදැක්වුණු සමහර devices කිහිපයක UI එක පෙර පැවතුණු EMUI සිට Harmony OS වෙත වෙනස්වී ඇති බවට යම් නිල නොවන වාර්තා පළ වී ඇත. ඒ අතරිනුත් සමහර leaksters විසින් ඔවුනට Harmony OS හි සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියට අදාළ update එක ලැබී ඇති බව පවසයි.

YouTube Channel එකක් වන CREATOR STUDIO හි මෑතකදී එළිදැක්වුණු Mate X2 දුරකථනයට Harmony OS update එක ලැබී ඇති බව පෙන්වන වීඩියෝවක් පළකර ඇත. එම වීඩියෝව පහතින් දැක්වේ.

එහි දැක්වෙන ආකාරයට එම foldable smartphone එක තුළ HarmonyOS 2.0.0 Developer Beta 3 අඩංගු වේ. මෙම leaks අනුව Harmony OS තුළ multiple home screens, gesture based navigation system එකක් සහ App Icons හා Interface එක බොහෝ දුරට Android මෙහෙයුම් පද්ධතියට සමානකම් දක්වයි.

කෙසේ වෙතත් මෙම තොරතුරු සියල්ලම තවමත් නිල නොවන තොරතුරු වේ. කෙසේ වෙතත් මෙම smartphone දැවැන්තයාගෙ මෙම නව හදුන්වාදීමේ අඩංගු පිළිබදව නිවැරදි තොරතුරක් දැනගැනීමට අපට තවදුරටත් බලාසීටීමට සිදුවේ.

Source: Gizmochina