Loading...
Huawei Mate X2 Foldable ජංගම දුරකතනය හඳුන්වා දීමට Huawei ආයතනය කටයුතු කරයි
Huawei Mate X2
$2,940
Brand: Huawei
Category: Mobiles
  • Processor: Kirin 9000 5G
  • RAM: 12 GB
  • Storage: 512 GB
  • Display: 8.01 inches
  • Camera: Quad Camera
  • Battery: Li-Po 4500 mAh

Huawei සමාගම විසින් ඔවුන්ගේ මුල්ම foldable smartphone එක විදියට 2019 දි ඔවුන්ගේ Mate X දුරකථනය නිකුත් කෙරුනි. පසුව 2020 දී Mate XS smartphone එක නිකුත් කෙරුනි.2021 දී Huawei Mate X2 smartphone එක අද දින නිකුත් කෙරුණා. මේ පිළිබඳව මීට පෙර අප විසින් ඔබ වෙත ගෙන ආවෙමු

මෙම device එක පිළිබදව කෙටියෙන් විමසා බලමු.

Display

Foldable smartphone එකකදි තියෙන ප්‍රධානම විශේෂය වෙන මේක display එක, ඔවුන්ගේ පෙර නිකුත් කළ models වල designs වලින් ඉවත් වී Samsung foldable phone වල style එකට තමයි මෙය නිකුත් උනේ. ඒ කියන්නෙ මේකෙ fold කරන්න පුලුවන් main display එකට අමතරව තවත් separate display එකක් බලාගන්න පුලුවන්.

මේ device එකේ internal display එක විදියට 8.01 inches OLED display එකකුත් මේකෙ resolution එක වෙන්නෙ 2480 x 2200, මේකෙ external display එක විදියට 6.45 inches OLED display එකකුත් මේක resolution එක වෙන්නෙ 2700 x 1160. මේ Display දෙකේම 90 Hz refresh rate එකක් බලාගන්න පුලුවන්.

Chipset, Ram, Storage

මේක බලගැන්වෙන්නෙ Kirin 9000 5nm flagship processor එකෙන්. ඊට අමතරව මේකට 8GB Ram එකකුත් 256GB හා 512GB ලෙසින් storage capacity දෙකකින් මිලදී ගන්න පුලුවන්.ඒ වගේම Nano memory card එකකින් storage එක expand කරගැනිමේ හැකියාවත් පවතිනවා.

OS

මේකට එන්නෙ Android 10 සමග EMUI 11 version එක. නමුත් මෙම device ඔවුන්ගේ operating system එකක් වන HarmonyOS එක නුදුරේදීම ලැබෙනු ඇත.

Battery

මේකෙ battery එක විදියට 4500mAh battery එකක් සහ මේ device එකට 55W wired fast charging පහසුකම තියෙනවා.

Camera

මේ device එකට තියෙන්නෙ quad rear camera setup එකක්. ඒකට 50 MP  f/1.9 aperture, 1/1.28", 1.22µm, omnidirectional PDAF, Laser AF, OIS RYYB main camera එකකුත්, 16 MP, f/2.2, 17mm ultrawide lens එකකුත්, 12 MP, f/2.4, 70mm  PDAF, OIS, 3x optical zoom කරන්න පුලුවන් telephoto lens එකකුත් සහ 8 MP, f/4.4, 240mm PDAF, OIS, 10x optical zoom කරන්න පුලුවන් periscope zoom lens එකකුත් තියෙනවා.ඒවාගේ මේකට 4K හා 1080p videos 60 fps දක්වා record කරන්න හැකියාව තිබෙනවා.

මේකෙ selfie camera එක විදියට 16 MP, f/2.2 aperture එකක් wide angle camera එකක් බලාගන්න පුලුවන්.මේකට 1080p video 30 fps දක්වා record කරන්න පුලුවන්.

Sensors

ඒ වගේම මේක sensors විදියට Fingerprint (side-mounted), accelerometer, gyro, proximity, compass, barometer සහ color spectrum යන sensors බලාගන්න පුලුවන්.

ඒ වගේම මේකට Bluetooth 5.2 , Wi-Fi 6 සහ NFC පහසුකම් ලැබෙනවා.

Price

මෙම Huawei Mate X2 දුරකථනය  චීනය තුළ 256GB version එක ආසන්න වශයෙන් 2785$ කටත් 512GB version එක ආසන්න වශයෙන් 2940$ කටත්  මිලදී ගන්න පුලුවන්.

Source: Android Authority, GSM Arena