Loading...
සියලුම චෝදනා සහ සම්බාධක ගැන Huawei සමාගම බ්‍රිතාන්‍ය රජයට පිළිතුරු ලබා දෙයි

ඉතාමත් මෑතකදි Huawei සමාගම ඇමෙරිකාව සම්බාධක දැඩි කරාට පස්සෙ, බ්රිතාන්යයත් 5G networks සම්බන්ධයෙන් Huawei සමාගමට සම්බාධක පැනෙව්වා. ඉතින් මේ චෝදනා සහ සම්බාධකවලට Huawei සමාගම පිලිතුරු දී තිබෙනවා.

Huawei සමාගම පවසන්නේ ඔවුන්ගේ teleco kit එකට අදාල chip එක source කිරීමේ හැකියාවට මේ ඇමෙරිකානු සම්බාධට affect උනත් ඔවුන්ගේ supply chain එකට එහෙමත් නැතිනම් සැපයුම් දාමයට මෙහි immediate impact එකක් නැති බවයි. ඔවුන් බ්‍රිතාන්‍යයට බල කරමින් කියා සිටින්නේ ඊලඟට ගන්න පියවර පිලිබඳව වඩාත් සැලකිලිමත් වන නිසයි.

දිගු කාලයට ඉඳන් ම වොශින්ටනය Huawei ගැන දැක්වූයේ ප්‍රතිවාදී ආකල්පයක්. ඔවුන් පවසා සිටියෙ මෙම සමාගම චීන රජය සමග සබඳතා ඇතිබවත්, එබැවින් ඔවුන්ගෙ equipment ඇමෙරිකානු ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන බවයි.

ඉතින් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම Huawei සමාගම එම චෝදනා ප්‍රතිකේෂ්ප කරමින් කියා සිටින්නේ ඇමෙරිකාවට මේ චෝදනාව ගැන කිසිම සාක්ෂියක් නැති බවයි. මේ අතරේ ඇමෙරිකාවත් එතැනින් නොනැවතී බ්‍රිතාන්‍යයටත් ඔවුන්ව අනුගමනය කරන්න කියලා බලකරා.

කෙසේ වෙතත් NCSC එක (National Cyber Security Centre) විශ්වාස කරන්නේ මේ අලුත් සම්බාධක මගින් පැහැදිලි ලෙසම ආරක්ෂක තත්වය වෙනස් කරන බවත් සහ එමගින් කිසියම් තර්ජනයක් එල්ල වීමට ඇති ඉඩකඩ අඩුවීම කෙරෙහි බලපාන බවයි.

ඒ වගේම ඔවුන් සඳහන් කරන විදිහට, අලුත් නීති හා රෙගුලාසි පද්ධතියක් ඇතිවීමට මෙය හේතු වෙන්න පුලුවන් වගේම ඒ නීති හරහා 2027 වසර වෙද්දි Huawei kits purchase කිරීම සම්පූර්ණයෙන් තහනම් වෙලා ඒ වෙද්දි තියෙන equipment පවා අයින් කරන්න මග පෑදෙන්න පුලුවන්.

Huawei Vice president Victor Zhang මහතා පවසන්නේ ඇමෙරිකානු සම්බාධක සමාගම කෙරෙහි බලපෑමට යම්කිසි කාලයක් ගත්වන නිසා ඒ ගැන නිගමනයකට එන්න බ්රිතාන්‍ය රජය හොදින් කල් යල් බලා කටයුතු කල යුතු බවයි.

“These restrictions actually haven’t had an impact on Huawei’s capability to supply to the UK’s 5G and fiber solution at this moment,”

“We need to talk about the long term impact, it takes time, it takes months.

“We believe it is important to wait until all the facts and implications are known. Now is not the time to be hasty in making such a crucial decision about Huawei.”

      - Victor Zhang, Vice president, Huawei Technologies.

ඉතින් මේ සම්බන්ධයෙන් Mobile operators ලා තර්ක කරන්නේ මේ අවස්ථාවේදී සිදුවට ඕනෑම් තහනමක් 5G roll out එකට බාධාවක් වීමට හැකි බවයි. තව දුරටත් ඔවුන් පවසන්නේ ඒ තුලින් costs ඉහල යාමටත්, innovations අඩු වීමටත් බලපාන බවයි. එවිට එය හැම පාරිභෝගිකයෙක් හටම වගේම සෑම ව්‍යාපාරයකටම බලපාන්නත් හැකියාව තියෙන බවට ඔවුන් පෙන්වා දෙනවා. මේ අතරෙ, Huawei සමාගම ඔවුන් ගැන තිබෙන දුර්මත නැති කරන්නත් ඔවුන්ට 5G ලබාදීමට ඇති හැකියාව promote කිරීමටත් media campaign එකක් launch කරලා තියෙනවා.