Loading...
Huawei සමාගම විසින් තම Huawei Developer Group - Sri Lanka නිල වශයෙන් පිහිටුවයි

Huawei සමාගම යනු ස්මාර්ට් ජංගම දුරකතන තුල ලොව ඉතාමත් සීග්‍රයෙන් වර්ධනය වෙමින් විශාල තාක්ෂණික පෙරලියන් රැසක් සිදු කරමින් ඉදිරියට පැමිණි සමාගමක් විදිහට සලකන්න පුළුවන්. නමුත් ඇමරිකාව සහ චීනය අතර වෙළඳාම සම්බන්ධයෙන් ඇති සීතල යුද්ධය හේතුවෙන් ඇමරිකාව විසින් Huawei සාමගමේ නිෂ්පාදන ඇමරිකාව තුල අලෙවි කිරීම තහනම් කරමින් සම්බාධක පැනවූ අතර තවත් කල් යත්ම ඇමරිකානු තාක්ෂණය භාවිතා කිරීම පවා වැලැක්වෙන ආකාරයට ඇමරිකානු තාක්ෂණය භාවිතා කරගනිමින් නිපදවන උපාංග ඔවුන් වෙත සැපයිම පවා තහනම් කරමින් අදාල සමාගම වලට බලපෑම් කරමින් තවදුරත් Huawei සමාගමට එරෙහිව පනවා තිබූ සම්බාධක ශක්තිමත් කිරීමට ඇමරිකානු රජය විසින් කටයුතු කරා.

මෙහි ප්‍රතිපලයක් ලෙස Huawei සමාගමට තම ජංගම දුරකතන සඳහා Google Mobile Services ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථාවද අහිමිවී යන අතර මේ හරහා Huawei සමාගම තවත් අපහසුතාවයට පත් වීම සිදු වුනා.

නමුත් මීට වසර 10කට පමණ පෙර සිටම Huawei සමාගම විසින් ඔවුන්ගේම ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතියක් වැඩි දියුණු කරමින් සිටි අතර එහි වැඩි දියුණු කිරීම වේගවත් කිරීම සිදු කලා. එහි ප්‍රතිපලයක් ලෙස Huawei සමාගම විසින් Google සමාගමේ Google Mobile Services වෙනුවට භාවිතා කිරීමට Huawei Mobile Services හඳුන්වා දීම සිදු කලා.

Google Playstore එකට විකල්පයක්

Huawei Mobile Services සමඟම Huawei සමාගම විසින් Huawei AppGallery නමින් Google Playstore එකට සහ Apple App Store එකට alternative එකක් හඳුන්වා දීම සිදු කරා. මෙය හඳුන්වාදීමත් සමඟම Huawei ජංගම දුරකතන භාවිතා කරන්නන් හට Google Playstore හරහා App install කරගැනීමට ඇහිරී තිබූ ඉඩ ප්‍රස්ථාවන් ඉවත් වූ අතර 2020 ප්‍රථම කාර්තුව වන විට පහත ආකාරයට වර්ධනය වීම සිදු වී ඇත. (සියල්ලම 2019 ප්‍රථම කාර්තුවට සාපේක්ෂවය)

  1. මාසිකව AppGallery භාවිතා කරන පරිශීලකයන්ගේ ප්‍රමාණය 25%ක ප්‍රමාණයකින් ඉහල ගොස් ඇත.
  2. AppGallery හරහා තම Application බෙදා හැරීම මෙන්ම Huawei Mobile Services (HMS Core)හි පහසුකම් භාවිතා කිරීම සඳහා ලියාපදිංචි වූ developersලාගේ ප්‍රමාණය 115%කින් ඉහල ගොස් ඇත.
  3. HMS Core එක සහිතව වැඩිදියුණු කරන ලද ජංගම දුරකතන යෙදවුම් ලෙස පැවති යෙදවුම් 36,000ක ප්‍රමාණය 67%ක ප්‍රමාණයකින් ඉහල ගොස් ඇත.

මෙය තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා Huawei සමාගම විසින් ලොව පුරා සිටින ජංගම දුරකතන යෙදවුම් නිපදවන මෘදුකාංග ඉංජිනේරුවන්ට තම HMS Core එක භාවිතා කරන ආකාරය පිලිබඳව ප්‍රවර්ධනය කරන වැඩ පිලිවෙලක් සකස් කරන ලද අතර ශ්‍රී ලාංකීය ජංගම දුරකතන යෙදවුම් නිපදවන්නන්ටද මෙම වැඩපිලිවෙල යටතේ පුහුණු වැඩසටහන් දියත් කිරීම සිදු කරනු ලැබුවා.

ඒ අනුව එම පුහුණුවට සම්බන්ධ වූ අය අතුරින් ශ්‍රී ලංකාවට Huawei Developer Group - Sri Lanka නමින් සමූහයක් නිර්මාණය කිරීමද සිදු කෙරුනා. ඉදිරියේදී තවත් මෘදුකාංග නිර්මාණය කරන්නන් හට මෙහි පුහුණුව ලබා දීම සිදු කෙරෙන අතර මෙම සමූහය සමඟ HMS Core එක වැඩි දියුණු කරන මෘදුකාංග ඉංජිනේරුවන් සම්බන්ධ වන බැවින් ඔබට අවශ්‍ය කෙරෙන සහ ලබා ගැනීමේ අවස්ථාවද ඔවුන් විසින් ලබා දීම සිදු කර තිබෙනවා.

Huawei Mobile Services වල පෞද්ගලිකත්වයට ඇති සහය

මේ වන විට ලෝකය පුරාම බෙහෙවින් කතා බහට ලක්වෙන කාරණාවක් ලෙස සැලකෙන්නේ අන්තර්ජාලය සහ අන්තර්ජාලය හරහා සැපයෙන සේවාවන් මඟින් කෙතරම් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය සුරැකෙනවාද යන්න සහ මේ වන විට අන්තර්ජාලය භාවිතා කරන බොහොමයක් තම පෞද්ගලිකතවය රැකෙන ආකාරයට අන්තර්ජාලය සහ තාක්ෂණික සේවා භාවිතා කිරීමට පෙළඹෙනවා.

HMS Core යනු තාක්ෂණික ලොවට අළුතෙන් ඇතුල් වුනු සේවාවක් වන අතර ඇතැම් පරිශීලකයන්ගේ දැඩි ප්‍රශ්නයක් වූයේ මේ හරහා පරිශීලකයන්ගේ පෞද්ගලිකතවය කෙතරම් දුරකට සුරැකෙනවාද යන්නයි. මෙයට ප්‍රධානතම හේතුව වූයේ ඇමරිකාව විසින් Huawei සමාගමට මුලින්ම සම්බාධක පැණවීමේදී ප්‍රධානතම කාරණාවක් ලෙස යොදා ගත්තේ Huawei සමාගම ජංගම දුරකථන පරිශීකලයන්ගේ පෞද්ගලිකත්වයට හානි වන ආකාරයට දත්ත එක්‍ රැස් කිරීම සිදු කරනවා යන්නයි.

නමුත් HMS Core සඳහා මේ වන විට GAPP + GDPR තවත් සහතික විශාල ප්‍රමාණයක් හිමිවී ඇති අතර ඒ හරහා HMS Core පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය සහ දත්ත වල ආරක්ෂාව පිලිබඳව Huawei සමාගම විසින් සහතික වීම සිදු කරනවා.

මේ වන විට HMS Core වෙත හිමිව ඇති සහතිකයන්

එමෙන්ම Huawei සමාගම විසින් භාවිතා කරන chipset වලම ඇති System-level security එක නිසා දුරකථනය හරහා ගෙවීම් සිදුකිරීමේදී අදාල දත්ත වල ආරක්ෂාව තහවුරු කිරීම සිදු කෙරෙනවා. ඒ සඳහා Huawei සමාගමේ Chipset වල ඇති,

  • SE security chip - Financial-level security zone (inSE)
  • Trusted execution environment (TEE) - Microkernel-based TEE OS
  • Biometric recognition module

යන කොටස් තුන භාවිතා වෙනවා.

HMS Core වල ඇති security layers

Chipset, Device සහ Cloud යන තුනෙන්ම developerට සහය

HMS Core එක සතුව ඇති ප්‍රධාන පහසුකමක් වන්නේ ඒ හරහා developer විසින් භාවිතා කරන පහසුකම් සියල්ලම chipset, device සහ cloud යන තුනටම සහය දැක්වීමයි.

ඒ අනුව developerට පහත දැක්වෙන පහසුකම් ඉහත කී ආකාරයට භාවිතා කිරීමේ පහසුකම හිමිවනවා.

  1. ID
  2. Camera
  3. AI
  4. IAP
  5. Codec
  6. GPS
  7. NFC
  8. OS
  9. InSE
  10. Microphone
  11. Decoder
  12. GPU
  13. NPU
  14. Touch Screen Sensor
  15. Magnetic Sensor
  16. Fingerprint Sensor
  17. e-Compass
  18. Gyroscope Sensor
  19. Acceleration Sensor
  20. Push

1300%කින් වැඩිවුන HMS Core 4.0 app integration

2020 පලවෙනි කාර්තුවට සාපේක්ෂව සිව්වන කාර්තුව වෙනකොට HMS Core 4.0 එකේ Map Kit පහසුකම ජංගම දුරකතන යෙදවුම් සඳහා යොදා ගැනීම 1300%ක අගයකින් ඉහල ගොස් තිබෙනවා.

ඊට අමතරව HMS Core එකේ ඇති අනෙකුත් App Kits භාවිතා කිරීමද සීග්‍ර වශයෙන් හල යාම සිදුවී තිබෙනවා.

App developer කෙනෙක් විදිහට ඔයා කොහොමද HMS Core එක පාවිච්චි කරන්නේ?

අපිට HMS Core එක භාවිතා කරන්න අවශ්‍ය නම් එතනදි අපිට භාවිතා කරන්න පුළුවන් ක්‍රම 5ක් Huawei සමාගම විසින් හඳුන්වා දී තිබෙනවා.

  • Official Documentation
  • Codelab
  • Tutorials
  • App Development/App Migration
  • App Testing

මොනවද HMS Core එකත් එක්ක අපිට හම්බෙන app integrations?

මේ වෙනකොට HMS Core එකක් භාවිතා කරලා නිමැවුනු ජංගම දුරකතන යෙදවුම් ප්‍රමාණය 60,000කටත් අධික ප්‍රමාණයක් වෙනවා. මේ applications 60,000කට අධික ප්‍රමාණය සඳහා HMS Core එක හරහා Huawei සමාගම විසින් app integrations විශාල ප්‍රමාණයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ විදිහට හඳුන්වා දීලා තියෙන HMS Core එකේ app integrations ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්වීමට Huawei සමාගම කටයුතු කරලා තියෙනවා. ඒ කොටස් 3 වෙන වෙනම ගත්තොත්,

  1. Develop modules
  2. Grow modules
  3. Monetization modules

මෙම ප්‍රධාන කොටස් තුන යටතේ HMS Core එකේ පහසුකම් වර්ගීකරණය කෙරෙනවා.

සියල්ලටම පහසුකම සපයන AppGallery connect

Mobile app developer කෙනෙක්ට අවශ්‍ය වෙන app monitoring සේවාව ලබාදීම සඳහා Huawei ආයතනය විසින් ඔවුන්ගේ HMS Core එකත් සමඟ ලබා දී ඇති සේවාව ලෙස AppGallery connect සේවාව හැඳින්වෙනවා. එහිදී app developer විසින් HMS Core එක හර්හා නිකුත් කරන ලද තම mobile apps සම්පූර්ණයෙන්ම කලමණාකරණය කිරීමේ සහ පාලනය කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.


මම හිතනවා මේ ලිපිය කියවපු ඔයාල හැමෝටම Huawei Mobile Service ගැන යම්කිසි මූලික අවබෝධයක් ලබා ගැනීමට හැකිවුනා කියල.

Huawei Developer Group - Sri Lanka ප්‍රථම වැඩසටහන තුල කතා උන සහ එම වැඩමුළු දෙක පුරාවට කතා වුනු දේවල් වල සාරාංශය තමයි මේ ලිපිය හරහා ගෙනත් තියෙන්නේ. මීලඟ ලිපියෙන් හෝ ලිපි කිහිපයෙන් අපි කට්ටිය එකතු වෙලා කතා වුනු දේවල් ගැන විස්තර අරගෙන එන්නම්.

මීලඟ ලිපි වලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ, HMS Core app integrations වල සඳහන් කරපු Develop, Grow සහ Monetization කියන modules ගැන සහ ඊට අමතරව කතා වුනු දේවල්. රැඳී සිටින්න.