Loading...
තම ජංගම දුරකථන සඳහා 2021 ජනවාරි මාසයේදී HarmonyOS 2.0 beta ලබාදීමට Huawei සමාගම සැරසේ

පසුගිය දා පැවතුනු HDC හෙවත් Huawei Developers' Conference එකේදී Huawei සමාගම විසින් HarmonyOS 2.0 එක එලිදැක්වූවා. HarmonyOS එක භාවිතා කරලා ඒ හරහා Huawei සමාගම වෙනම ecosystem එකක් පිහිටුවීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට වාර්තා වන නවතම පුවත් අනුව Huawei සමාගම විසින් HarmonyOS 2.0 beta 2020 දෙසැමර් මාසය වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මුලින්ම මෙය Smart screens සඳහා ලැබෙන අතර, 2021 ජනවාරි සහ පෙබරවාරි මාසය වන විට ජංගම දුරකථන සඳහා ලබා දීමට නියමිත බව තමයි මේ වාර්ථා වල සඳහන් වන්නේ.

Huawei Consumer BG Software Development හි සභාපති වන Wang Chenglu මහතා විසින් පවසා ඇති අන්දමට Huawei සමාගම 2020 දෙසැම්බර් මාසය වන විට HarmonyOS 2.0හි beta version එක ddevelopersලා සඳහා නිකුත් කිරීමට බලාපොරොත්තු වන අතර 2021 පෙබරවාරි වන විට සීමිත ජංගම දුරකථන ප්‍රමාණයකට එය නිකුත් කිරීමට සූදානම් වේ.

මෙම ප්‍රකාශයත් සමඟම 2021 පළවන කාර්තුව වන විට ජංගම දුරකථන සඳහා HarmonyOS ලබා දීම ආරම්භ වන බව තහවුරු වෙනවා. එහි අදාල beta testing වලට මාස කිහිපයකට පසුව එහි අවසාන සංස්කරණය නිකුත් කිරීමට හැකිවනු ඇත. ඒ අනුව Huawei සමාගමේ flagship P series එක යටතේ මීලඟට නිකුත් වීමට නියමිත ජංගම දුරකථනය සමඟ මෙය නිකුත් වනු ඇතැයි උපකල්පනය කල හැකි උනත් එය තවමත් තහවුරු වී නැත. මීට අමතරව HarmonyOS එක Smart IoT උපාංග සහ Smart TV සඳහාද යොදා ගැනීමට Huawei සමාගම බලාපොරොත්තු වෙනවා.

ඇමරිකානු වෙළඳ තහනමත් සමඟම HarmonyOS එක නිකුත් කිරීමට හේතු ලෙස ecosystem එක සතුව තිබූ අඬුලුහුඬු කම් සහ Google සමාගම සමඟ තිබුණු partnership එක නිසා ඔවුන් විසින් ඒ සඳහා ලොකු කාලයක් සහ බරක් ලබා නොදීම Wang විසින් ප්‍රකාශ කර ඇත. නමුත් වෙළඳ තහනමත් සමඟම Huawei සමාගම HarmonyOSහි සංවර්ධන කටයුතු වේගවත් කල බවත් ඔහු විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

HarmonyOS එක Huawei සමාගම විසින් නිර්මාණය කිරීම ආරම්භ කලේ 2012 වර්ෂයේ වන අතර, 2018 මැයි මස වන විට එහි Kernel 1.0 සම්පූර්ණ කරන ලදී.

Sources: Gizmo China, IT Home