Loading...
Huawei සමාගම විසින් අප්‍රේල් 24 දින HarmonyOS සහ අප්‍රේල් 27 වන දින Huawei P50 series එකද එලිදැක්වීමට සූදානම් වේ

මේ වන විට උදා වී ඇති තත්ත්වය අනූව Huawei සමාගම SmartPhone වෙළඳපොළෙහි තම ස්ථානය ආරක්ෂා කරගැනීම සඳහා විශාල වෙහෙසක් දරමින් සිටියි. එමෙන්ම Huawei සමාගම දැන් මධ්‍යම මට්ටමේ ජංගම දුරකථන  (Mid-Range Phones) වලට වඩා Flagship ජංගම දුරකථන පෙළ සඳහා වැඩි අවධානයක් යොමු කර ඇත. එළඹෙන අප්‍රේල් මාසයේදී Huawei P50 ජංගම දුරකථන පෙළ නිකුත් වන බවට කටකතා පැතිර ගිය නමුත් ඇමරිකානු තහනම මත ඇති වූ ගැටලු කිහිපයක් නිසාවෙන් මෙම Launch Event එක කල්දමා ඇත.

පසුගිය දිනකදී Huawei සමාගම Biden ජනාධිපතිවරයාගේ පරිපාලනය යටතේ පවතින එක්සත් ජනපද රජය සමඟ යම් ගිවිසුමක් ඇති කර ගැනීමට කටයුතු කර ඇත. නමුත් පනවන ලද තහනම ඉවත් කරන බවට මෙතෙක් කිසිදු සලකුනක් වාර්තා නොවේ. මෙම ගැටලු සියල්ල මධ්‍යයේ Huawei සමාගම Android මෙහෙයුම් පද්ධතිය වෙනුවට ආදේශ කළ හැකි තමන්ගේම මෙහෙයුම් පද්ධතිය වන HarmonyOS නිර්මාණය කළ අතර නිකුත් වන වාර්තාවන්ට අනූව Huawei HarmonyOS සහ Huawei P50 Series අප්‍රේල් මාසයේදී එළිදක්වනු ඇත.

@FoxSister moniker සමගින් Huawei කාර්‍ය මණ්ඩල සාමාජිකයෙකු පවසා ඇත්තේ අප්‍රේල් මාසයේදී Huawei සමාගම Events දෙකක් පවත්වන බවයි. මෙම Events අප්‍රේල් මස 22 දින සිට 27 වන දින අතර පවත්වනු ඇත.

Huawei සමාගම අප්‍රේල් 24 වන දින HarmonyOS එළිදක්වනු ඇති අතර Huawei P50 Series අප්‍රේල් මස 27 දින එළිදක්වනු ඇත.

පළමුවෙන්ම HarmonyOS 2.0 එළිදැක්වීමට වැඩි ඉඩකඩ තිබේ. මීට අමතරව අප්‍රේල් මස 24 සිට 26 දක්වා Huawei HDC Developer Conference පැවැත්මීට කටයුතු සූදානම්කොට ඇත. කෙසේ වෙතත් HarmonyOS පිළිබඳව හා එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධව වැඩිදුර තොරතුරු අප්‍රේල් මස 24 දින දැන ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.

නිකුත් වීමට නියමිත Huawei P50 Series සඳහා විවිධ වෙනස්කම් සහිත Kirin 9000 චිපයන් භාවිත කිරීමට Huawei සූදානමින් සිටී. එමෙන්ම පවතින චිප්ස් හිඟය හේතුවෙන් මේවායේ අලෙවිය සීමිත වනු ඇත. කෙසේ වෙතත් පාරිභෝගිකයන්ට P50 ජංගම දුරකථන පෙළ "Huawei P50, P50 Pro සහ P50 Pro +" ප්‍රභේද ත්‍රිත්වයක් යටතේ මිළදී ගැනීමට හැකියාව ලැබේ.

ඉතින් තවදුරටත් Huawei සමාගමට සුරැකෙයි ද? HarmonyOS සාර්ථක වෙයිද? ඔයාගෙ අදහස මොකක්ද?

Source: GizChina