Loading...
Hutch විසින් Home Broadband සේවාව සඳහා නව පසු ගෙවුම් පැකේජ කිහිපයක් හදුන්වා දේ

ඔබට මතක ඇති මීට පෙර අප විසින් ඔබ වෙත තොරතුරු ගෙන ආවා Hutchinson Telecommunications Lanka (Pvt) Ltd සමාගම විසින් Hutch Home Broadband සේවාව හදුන්වා දීමට සුදානමින් සිටින බව. ඒ අනුව ඔවුන් විසින් Hutch Home Broadband සේවාව ලබා ගැනිමට අවශ්‍ය පුද්ගලයන්ගේ තොරතුරු ලබා ගත් අතර මේ වෙන විට ඔවුන් විසින් Home Broadband සේවාව දියත් කිරිමේ කටයුතු සිදු කරමින් සිටිනවා.

Hutch සමාගමේ නිල Twitter ගිණුම ඔස්සේ දක්වු පරිදි මේ වෙන විට Hutch Home Broadband සේවාව සදහා Home Broadband Packages හදුන්වා දී නොමැති වෙන අතර Hutch Home Broadband සේවාව හදුන්වා දීමේ මුලික අදියර තුල දී දැනට Hutch සමාගම විසින් හදුන්වා දී තිබෙන Post Paid Data Packages ලබා දී තිබෙනවා.

ඒ අනුව රු. 699.00 සිට රු. 1,999.00 දක්වා 15GB සිට 60GB දක්වා වු Data Packages 04ක් ලබා ගන්න පුලුවන්.

ඒ වගේම රු. 2,999.00 සිට රු. 9,999.00 දක්වා Unlimited Data Packages ලබා ගැනීමේ හැකියාවද පවතිනවා.

Hutch සමාගම විසින් සදහන් කර ඇති ආකාරයට මේ Hutch Home Broadband සේවාව රු. 6,990.00 ක මුදලක් ගෙවා ලබා ගත හැකි අතර ZLT S10 Router එකක් ලබා දෙනු ලබනවා. මේ Router එක සමග Battery Pack එකක්ද ලැබෙන අතර ඒ මගින් පැය 2-3ක් Router එක භාවිත කිරිමේ හැකියාව තිබෙනවා. එමෙන්ම ඔබගේ ප්‍රදේශය අඩු ආවරණ සහිත ප්‍රදේශයක් නම් Hutch සමාගම මගින් Booster පහසුකම ද සපයනු ලබනවා.

කෙසේ වෙතත් තවමත් නිල වශයෙන්ම Hutch Home Broadband සේවාව ඔවුන් විසින් දියත් කර නොමැති අතර දැන්ම ඔබට Hutch Home Broadband සේවාව ලබා ගැනිමට අවශ්‍ය නම් ඔවුන් හා සම්බන්ධ විය යුතු වෙනවා. එමෙන්ම ඉදිරියේදි ඔවුන් විසින් Home Broadband Packages රැසක් සමගින් නිල වශයෙන් මේ සේවාව හදුන්වා දෙනු ඇත.

Source: Hutch